en banner

minister douglas devanandaඉන්දියානු බහුදින ධීවර යාත්‍රා විසින් ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුල නිතීවිරෝධි හා බලහත්කාරයෙන් සිදු කර ගෙන යන මසුන් ඇල්ලීම නිසා ශ්‍රී ලංකාවේ සාගර සම්පත හා පරිසරය විනාශයට ලක් වේ.

ඊට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති අණපනත් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක, ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ගුවන්හමුදාපති, නාවුක හමුදාපති, පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති විත්තිකරුවන් කරමින් අභියාචනාධිකරණයේ තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මුලංකාවිල් අම්බුපුරම් ධීවර සමුපකාර සමිතියේ සභාපති වෛද්‍යලිංගම් බාලසුරේෂ් සහ කොළඹ 07 විනිවිද පදනමේ සභාපති රුවිනි රඹුක්වැල්ල යන අය විසින් අංක 0379/2022 යන අංකය යටතේ නඩුවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මගින් අභියාචනාධිකරණයේ පවරා ඇති අතර තවත් නඩුවක් කයිට්ස් ධීවර සමුපකාර සමිතියේ උපසභාපති අන්නලිංගම් අන්නරාසා ඇතුළු 08 දෙනෙකු විසින්ද අභියාචනාධිකරණයේ පවරා ඇත.

පළමු නඩුව ජනවාරි මස 20 වන දින හෙට දින අභියාචනාධිකරණයේදී විභාගයට ගනු ලබන අතර දෙවන නඩුව පෙබරවාරි මස 02 වන දින අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතව ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ඉන්දීයානු බහුදින යාත්‍රා වල ආක්‍රමණය වැලැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවද මේ සම්බන්ධව රාජතාන්ත්‍රිකව ඉන්දියානු රජය සමග ද අවශ්‍ය සාකච්ඡා වට කිහිපයක් මේ වන පවත්වා ඇති බවත් හෙට දින දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සමගද මේ පිළිබදව ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද ප්‍රකාශ කරන ලදි.

Youtube