en banner

IMG 20200130 WA0015ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා)‍ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කරන ලද තුෂාර චමින්ද ලොකුකුමාර මහතා 2020.01.30 දින‍ පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

ධීවර ක්ෂේත්‍රය තුළ පර්යේෂණ කටයුතු මෙන්ම ගවේෂණ කටයුතු සිදුකරන ඉතා වැදගත් ආයතනයක් වන නාරා ආයතනය ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හරහා ඉමහත් සේවාවක් ඉටු කරයි. මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා සහ නාරා ආයතනයේ පාලන හා මානව සම්පත් අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා සහභාගී විය.   

Youtube