en banner

dic 5බහුදින යාත්‍රා මගින් ගෙන ආ මසුන් තොග ස්ථාවර මිලකට ලංකා ධිවර සංස්ථාව මගින් මිලදී ගැනීම දික්ඕවිට ධිවර වරායේදි ඊයේ (24) සිදුකෙරිණ.

මෙහිදී ධිවරයන් සතු මත්ස්‍ය කිලෝ 10,000 මිලදී ගැනීම සිදු විණි 

කොරෝනා මර්දන වැඩසටහන් නිසා පසුගිය දිනවල පනවා තිබු ඇදිරිනීතිය හේතුවෙන් ඈත මුහුදේ මසුන් මැරීමෙහි නිරතව මසුන් තොග ගෙන ආ බහුදින යාත්‍රා ධිවර වරායන් හී නැංගුරම්ලා තිබූ අතර මසුන් තොග මිල ගනන් ද පහත බැස තිබිණි.

මේ පිළිබඳව අවධානය යොමු කළ ධිවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ලංකා ධිවර සංස්ථාවට ලබාදුන් උපදෙස් අනුව එම සංස්ථාව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

ඒ අනුව දික්ඕවිට වරායේදි මසුන් කිලෝවක් රුපියල් 350ක ස්ථාවර තොග මිලකට එම ධිවරයන්ගෙන් ඊයේ (24) මිලදී ගැනෙන අතර ඉදිරි දිනවලදී අනෙකුත් ධිවර වරායන් හිදී ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබේ. මේ තුළින් පාරිභෝගිකයින්ට අවශ්‍ය මසුන් තොග හිගයකින් තොරව පවත්වාගෙන යෑමට ධිවර සංස්ථාව අපේක්ෂා කරයි.

Youtube