උතුරු නැගෙනහිර පළාත්වල ධීවර පවුල් සදහා චින රජයෙන් ලැබුණු සහල් සහ දැල් ආම්පන්න බෙදා දීමට කටයුතු කරයි.
පසුගිය කාලයේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා චිනයේ සිදුකරන ලද සංචාරයෙදි සිදු කළ රාජතාන්ත්‍රික සාකච්ඡාවලට අනුව චින රජයෙන් ආධාර ලෙස ලැබුණු දැල් 75,000ක් පමණ සහ සහල් උතුරු නැගෙනහිර ධීවර පවුල් වලට බෙදා දිමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කටයුතු කර ඇත.
පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීම අරමුණ කරගත්, ලංකා ධීවර සංස්ථාව විසින් දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව 2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා දින, කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබද ස්ථානයේදී සුබ මොහොතින් විවෘත කෙරුණි.

ලියාපදිංචි බෝට්ටු අංක IMULA0909TLE දරන ඩෙවොන් පුතා 5 නැමැති බහුදින යාත්‍රාවේ නියමුවා සහ ගැනීයන් මහමුහුදේ පාවෙමින් පැවැති බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා සිදු වු කණගාටුදායක මරණයන් පිලිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඒම මියගිය අයවලුන්ගේ පවුල්වල ඥාතීන්වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි.
නවතම පුවත්
- මාතලේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්. ක්ෂේත්රයේ ප්‍රගතියට අන්තර්-ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය අවධාරණය කරයි
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා
- ජලජ ශාක පටක රෝපණ හා අපනයන අංශයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත අවස්ථා පිළිබඳ සාකච්ඡාව
- උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"





