en banner

WhatsApp Image 2025 09 24 at 08.45.58ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සම්පත් සුරැකීම සහ ජාත්‍යන්තර මත්ස්‍ය අපනයන වෙළෙඳපොළ සුරක්ෂිත කිරීමේ අරමුණින්, නීතිවිරෝධී, වාර්තාගත නොවූ සහ අක්‍රමවත් (IUU) ධීවර කටයුතු මැඩලීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ආයතන 11ක් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට 22.09.2025 දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අත්සන් තැබිණි.

මෙමගින් ශ්‍රී ලංකාවේ ධීවර නීති ශක්තිමත් කිරීම, ක්ෂය වෙමින් පවතින සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ යුරෝපා සංගමය (EU) වැනි ප්‍රධාන වෙළෙඳපොළ වෙත මත්ස්‍ය අපනයනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කෙරේ. පසුගිය පෙබරවාරි මාසයේදී යුරෝපා සංගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවලදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කරමින් මෙම පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා මෙසේ පැවසීය: "අපිට යුරෝපා සංගමයෙන් එල්ල වූ මත්ස්‍ය තහනමේ අවදානම හමුවේ, රජයක් ලෙස අපි පොරොන්දුවක් ලබා දුන්නා, මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට. අද අත්සන් තබන මේ ගිවිසුම, ඒ පොරොන්දුව ඉටු කිරීමේ ප්‍රධාන පියවරක්. අපේ සමුද්‍ර සම්පත් සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට නම්, ජාතික සහ ජාත්‍යන්තර නීතිවලට ගරු කරමින්, විධිමත් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යයි."

මෙම ගිවිසුම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ඇතුළු ආයතන රැසක් සිය දායකත්වය ලබා දෙයි.

මෙම ඒකාබද්ධ ප්‍රවේශය හරහා, ශ්‍රී ලංකාවේ කීර්තිනාමය සුරකමින්, තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

සහභාගී වන ආයතන

ප්‍රමුඛ සම්බන්ධීකරණ ආයතනය ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR).

▪ ශ්‍රී ලංකා නාවික හමුදාව / ශ්‍රී ලංකා වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුව සෝදිසි මෙහෙයුම් සහ බලාත්මක කිරීමේ කටයුතු සඳහා

▪ ශ්‍රී ලංකා පොලිසිය නීතිය බලාත්මක කිරීම සහ විමර්ශන කටයුතුවල සහාය සඳහා.

▪ ශ්‍රී ලංකා රේගුව වරාය පාලනය සහ භාණ්ඩ පරීක්ෂාව සඳහා.

▪ අධිකරණ හා ඒකාබද්ධතා අමාත්‍යාංශය නීති උපදේශන සහ නඩු පැවරීමේ කටයුතුවලට සහාය සඳහා.

▪ විදේශ කටයුතු අමාත්‍යංශය කලාපීය සහ ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධීකරණය සඳහා.

▪ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වරාය පරීක්ෂාවට පහසුකම් සැලසීම සහ නීතිවිරෝධීලෙස අල්ලාගන්නා ලද මසුන් ගොඩබෑම වැළැක්වීම සඳහා.

▪ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නීති විරෝධී ඇතුළුවීම හෝ මිනිස් ජාවාරම වැළැක්වීමට සහ යාත්‍රා කාර්ය මණ්ඩලයේ ලියකියවිලි සත්‍යාපනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා.

▪ සෞඛ්‍ය අමාත්‍යංශය ධීවරයින් සහ ධීවර අංශයේ අනෙකුත් තැනැත්තන් අතර වෘත්තීය සෞඛ්‍ය සහ රෝග පාලනය සඳහා.

▪ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ගුවන් විදුලි උපකරණයන්හි අනුකූලතාව, අන්තර් ආයතන සම්බන්ධීකරණය සහ දත්ත හුවමාරුව පිළිබඳ තාක්ෂණික මග පෙන්වීම සඳහා.

▪ කම්කරු දෙපාර්තමේන්තුව ධීවර අංශයේ සේවා තත්ත්වයන් පරීක්ෂා කිරීම සහ අදාළ කම්කරු නීති ක්‍රියාත්මක කිරීම සඳහා වේ.

WhatsApp Image 2025 09 24 at 08.45.55 1

WhatsApp Image 2025 09 24 at 08.45.56

WhatsApp Image 2025 09 24 at 08.45.55

WhatsApp Image 2025 09 24 at 08.45.56 1

WhatsApp Image 2025 09 24 at 08.45.57

WhatsApp Image 2025 09 24 at 08.45.57 1


 

නවතම පුවත්

Youtube