රට පුරා පැතිර යන ගංවතුර ආපදා තත්ත්වය හමුවේ, සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ගාල්ල, රත්ගම මුහුදු තීරයේදී අතුරුදන් වූ ධීවරයින් පස් දෙනාම නිරුපද්‍රිතව මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වූ බව, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අද (28) දින තහවුරු කළේය.
දිවයින වටා මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති දැඩි අඩු පීඩන කලාපය හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් සම්පූර්ණයෙන් වළකින ලෙස ධීවර අමාත්‍යාංශය සමස්ත ධීවර ප්‍රජාවට දැඩිව අවවාද කරයි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





