ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම්වලට හසු නොවී සිටීම සඳහා ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන්ගේද සහයෙන් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය විසින් ධීවරයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවන ආකාරය විස්තරාත්මකව පැහැදිලි කළේය.
මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව, ධීවරයින් සඳහා ඉදිරියේ දී තවත් මෙවැනිම දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලෙස අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. මේ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දෙන බව ද ඔහු පැවසීය.
මීට අමතරව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපතිවරයා විසින් අභ්‍යන්තර ජල මූලාශ්‍රවල මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන බවට අමාත්‍යවරයා සහතික විය.
මිරිදිය ධීවර කර්මාන්තයේ දී ධීවරයින් මුහුණ දෙන ගැටළු කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.