en banner

WhatsApp Image 2025 11 19 at 15.15.26

චීන හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යාන් ෂිජුන් ඇතුළු දූත පිරිසක් ඊයේ(18) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවිය.

මෙහිදී, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හයිනාන් පළාතෙන් ලබා දිය හැකි සහාය සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.

මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරමින්, හයිනාත් පළාත සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමට ඇති අවස්ථා පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කළ අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා, අනාගතයේ දී, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බව පැවසුවා.

එමෙන්ම දෙරට අතර ධීවර, සංචාරක, සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ නව ආර්ථික සහයෝගීතා පිළිබඳවද අදහස් පළ කළා.

මෙහිදී 2026 දී හයිනාන් හි පැවැත්වීමට නියමිත චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයට සහභාගී වීමට අමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ චීනයේ හයිනාන් පළාතේ මහජන කොංග්‍රසයේ නියෝජිතයින් සහභාගී වූහ.

WhatsApp Image 2025 11 19 at 15.15.24

WhatsApp Image 2025 11 19 at 15.15.24 1

WhatsApp Image 2025 11 19 at 15.15.25

WhatsApp Image 2025 11 19 at 15.15.27

WhatsApp Image 2025 11 19 at 15.15.26 1

 


 

Youtube