en banner

WhatsApp Image 2025 11 14 at 15.41.48

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) එක්ව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් සහ තිරසාර ජලජීවී වගා ඩිජිටල් වේදිකාව වන ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය (SIIS) දියත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) එක්ව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය (SIIS) දියත් කර ඇත.

රටේ ජලජීවී වගා අංශය තාක්‍ෂණිකව දියුණු කිරීම, පරිසර හිතකාමී සහ ආදායම් වැඩි දියුණු කරන අංශයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් IoT, Big Data, Artificial Intelligence (AI) සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැනි නවීන තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම සඳහා නව පද්ධතිය නිර්මාණය කර ඇත.

SIIS හි ප්‍රධාන විශේෂාංග:

  • ගොවිපල තත්ත්වයන්, ජල ගුණාත්මකභාවය, රෝග පැතිරීම් ආදිය තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීම.
  • ජංගම සහ වෙබ් යෙදුම් හරහා පහසුවෙන් පරිශීලනය
  • ගොවීන්, රසායනාගාර සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර දත්ත බෙදාගැනීම සහ ඒකාබද්ධ විශ්ලේෂණය.
  • AI තාක්ෂණය හරහා රෝග අවදානම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දීමේ හැකියාව.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීන්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, කොරියානු තානාපති මියොන් ලී, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය ඇතුළු නිලධාරින් සහභාගී විය.

SIIS මඟින් ශ්‍රී ලංකාවේ ධීවර වගා ක්ෂේත්‍රය තාක්ෂණශීලී, පාරිසර හිතකාමි සහ ඉහළ ප්‍රතිලාභ පිළිබඳ නව මාවතකට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

WhatsApp Image 2025 11 14 at 15.41.48 1

WhatsApp Image 2025 11 14 at 15.41.53

WhatsApp Image 2025 11 14 at 15.41.53 1

WhatsApp Image 2025 11 14 at 15.41.58

WhatsApp Image 2025 11 14 at 15.42.03

WhatsApp Image 2025 11 14 at 15.42.03 1

 

Youtube