
නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ ඊයේ (23) ඔස්ලෝ නුවරදී විශේෂ සාකච්ඡා වට කිහිපයකට එක්වූහ.
නෝර්වේහි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බර්ගන් ප්‍රාන්ත සභාවේ ප්‍රධානී (Chief of County Council) ක්‍රිස්ටීන් බී. මේයර් (Christine B. Meyer) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සමඟ ඊයේ (21) විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්රමුඛ දූත පිරිස, ලොව ප්‍රමුඛතම ජලජීවී වගා සහ මත්ස්‍ය ආහාර නිෂ්පාදන සමාගමක් වන කාගිල් (Cargill) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ටාජි ඒයිඩ් (Tarjei Eide) මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සමඟ ඊයේ (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





