en banner

 DSC0261ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) කාර්යභාරය, රටේ සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින්, එහි ප්‍රගති සමාලෝචන රැස්වීමක්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සැප්තැම්බර් 16 වන දින එම අධිකාරී පරිශ්‍රයේදී පැවැත්විණි.

WhatsApp Image 2025 09 15 at 20.30.50මෙරට දේශීය ජලජ පරිසර පද්ධතියට සහ ස්වදේශික මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කිරීමට පියවර ගැනීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (15) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.

WhatsApp Image 2025 09 12 at 21.55.27මෙරට මත්ස්‍ය බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළෙඳුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අද (12) දින එම සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ ප්‍රජාව සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.

Youtube