වත්මන් ගෝලීය යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් දැඩි පීඩාවකට පත්ව ඇති බවත්, එලෙස පීඩාවට පත් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම රජයේ වගකීම බවත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රකාශ කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ, මෙරට ධීවර ක්ෂේත්රය මුහුණ දී ඇති බරපතළ ගැටලු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අතිගරු ජනාධිපතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගියදා (මාර්තු 24) චීනයේ ගුවැන්ෂු (Guangzhou) නුවර පිහිටි දකුණු චීන සාගර විද්‍යා ආයතනයේ (South China Sea Institute of Oceanology - SCSIO) පැවැති "නිවර්තන සාගර පාරිසරික වෙනස්කම් පිළිබඳ චීන-ශ්‍රී ලංකා අධ්‍යයන සංසදය" (China-Sri Lanka Academic Forum on Tropical Marine Environmental Changes) සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී විය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





