පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීම අරමුණ කරගත්, ලංකා ධීවර සංස්ථාව විසින් දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව 2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා දින, කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබද ස්ථානයේදී සුබ මොහොතින් විවෘත කෙරුණි.

ලියාපදිංචි බෝට්ටු අංක IMULA0909TLE දරන ඩෙවොන් පුතා 5 නැමැති බහුදින යාත්‍රාවේ නියමුවා සහ ගැනීයන් මහමුහුදේ පාවෙමින් පැවැති බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා සිදු වු කණගාටුදායක මරණයන් පිලිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඒම මියගිය අයවලුන්ගේ පවුල්වල ඥාතීන්වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි.
දකුණේ ධීවර වරායන්වල පවතින තත්වයන් නිරික්ෂණය කිරීම සදහා 2024.06.28 වැනි දින සංචාරයේ යෙදුණු ධීවර අමාත්‍යවරයා, ඒ අනුව කිරින්ද සිට පානදුර දක්වා ධීවර වරායන් වල පවතින අඩුපාඩු වහාම ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යයි.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





