en banner

1.WhatsApp Image 2025 08 09 at 17.08.39ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලයේ ආණ්ඩුකාර ජෙනරාල් ගරු සෑම් මොස්ටින් මහත්මිය, ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරයේ කොටසක් ලෙස, ඕස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයන ලද සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා මිරිස්ස ධීවර වරායේ සංචාරයක නිරත විය.

ආණ්ඩුකාර ජනරාල්වරිය, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විසින් පිළිගනු ලැබිය. එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ තානාපති, ගරු පෝල් ස්ටීවන්ස් මහතා; ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා IOM ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය; ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී විය.
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම අවම කිරීම, අක්‍රමවත් සමුද්‍රීය සංක්‍රමණය සහ අනෙකුත් අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමේදී VMS පද්ධතිය යොදා ගැනේ. එමෙන්ම, යාත්‍රා විපතට පත් වූ විට සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා පද්ධතිය සපයන අත්‍යවශ්‍ය සහයෝගය පිළිබඳව ආණ්ඩුකාරවරියට දැනුවත් කරන ලදී. පසුව නියෝජිත පිරිස VMS ට්‍රාන්ස්පොන්ඩර් වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කළ අතර VMS තාක්ෂණය ධීවර කර්මාන්තයට ඇති කරන ධනාත්මක වෙනස්කම් ගැන සාකච්ඡා කිරීම සඳහා ධීවර ප්‍රජාව සමඟ සම්බන්ධ විය.

VMS පද්ධතිය පිළිබඳ අදහස් දැක්වූ ආණ්ඩුකාර ජනරාල්වරිය: “සාගර අවකාශයන් තවත් ආරක්ෂිත, සුරක්ෂිත හා තිරසාර බවකට පරිවර්තනය කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට අපට සහාය වීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. සමුද්‍රීය දේශසීමා පාලනය ශක්තිමත් කරමින් සහ ධීවර ප්‍රජාවන් සවිබල ගන්වමින්, VMS පද්ධතිය දැනටමත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන ආකාරය දැකීම ගැන අපි සතුටු වෙමු.” පැවසීය.

ආණ්ඩුකාර ජෙනරාල්වරියගේ සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ගරු රත්න ගමගේ මහතා මෙසේ පැවසීය, “ගරු සෑම් මොස්ටින්ගේ ශ්‍රී ලංකා සංචාරය අපගේ රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතාවල තීරණාත්මක අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට ඕස්ට්‍රේලියාවේ සහයෝගය වසර ගණනාවක් පුරා ස්ථිරව පවතින අතර, VMS මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ප්‍රතිඵලයකි.”

“ඕස්ට්‍රේලියාවේ සහයෝගයට ස්තූතිවන්ත වන්නට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුකූල වීම, ධීවර නිෂ්පාදන අපනයනය කිරීමේ අපගේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ,” ඔහු තවදුරටත් පැවසීය.

2021-2025 කාලය සඳහා IOM විසින් ක්‍රියාත්මක වන VMS ව්‍යාපෘතිය, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 9.96ක සමස්ත අරමුදලක් මත පදනම්ව, ශ්‍රී ලංකාවේ බහු-දින ධීවර යාත්‍රා (4,500කට වැඩි) නියාමනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලදී.

මෙය ධීවර නිරීක්ෂණ, පාලන සහ මැදිහත් වීමේ (Monitoring, Control & Surveillance) මෙවලමක් වන අතර, DFAR සහ සාගර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බහු-දින ධීවර යාත්‍රා තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීමට හැකියාව ලබා දෙයි. මෙය සාගරික තර්ජන සහ ගැටලු මුල් අවධියේම හඳුනා ගැනීමට උපකාරී වේ.

VMS ප්‍රේෂකය (transponder) හදිසි ආපදා අවස්ථාවකදී හදිසි ආධාර සංඥාවක් (distress beacon) ලෙස ක්‍රියා කරමින්, සංයුක්ත සහ කාලෝචිත සෙවීම් හා බේරාගැනීම් මෙහෙයුම් සම්පාදනයට දායක වී, ධීවරයින්ගේ ජීවිත ගලවා ගැනීමට වැදගත් භූමිකාවක් ඉටු කරයි.

2.WhatsApp Image 2025 08 09 at 17.08.40

3.WhatsApp Image 2025 08 09 at 17.08.40

4.WhatsApp Image 2025 08 09 at 17.08.41

5.WhatsApp Image 2025 08 09 at 17.08.41

6.WhatsApp Image 2025 08 09 at 17.08.42

7.WhatsApp Image 2025 08 09 at 17.08.43

8.WhatsApp Image 2025 08 09 at 17.08.43 1

9.WhatsApp Image 2025 08 09 at 17.08.45

10.WhatsApp Image 2025 08 09 at 17.08.46

11.WhatsApp Image 2025 08 09 at 17.08.47

12.WhatsApp Image 2025 08 09 at 17.08.48

Youtube