
යාපනය දිස්ත්‍රික්කයේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ත්‍රිත්වයක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2025.09.18 දින ආරම්භ විය.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) කාර්යභාරය, රටේ සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින්, එහි ප්‍රගති සමාලෝචන රැස්වීමක්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සැප්තැම්බර් 16 වන දින එම අධිකාරී පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙරට දේශීය ජලජ පරිසර පද්ධතියට සහ ස්වදේශික මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කිරීමට පියවර ගැනීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (15) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





