en banner

WhatsApp Image 2025 08 06 at 19.42.09ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී, පතුලේ ඇදගෙන යන දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන් පැමිණි යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අඩි 80කට වඩා දිගැති මෙම Bottom trawling යාත්‍රාව තමිල්නාඩුවට අයත් වන අතර, එය බත්තලන්ගුණ්ඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් යාත්‍රාවේ නවීන තාක්ෂණික උපකරණ, ජී.පී.එස්. සිතියම් සහ මසුන් සොයා ගැනීමේ උපකරණ තිබූ බවයි. එමගින් මෙම ධීවරයින් දැනුවත්වම ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ඇති බව තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ Bottom trawling ධීවර කර්මාන්තය නීතියෙන් තහනම් කර ඇති අතර, මසුන් බෝවෙන පරිසරයට ඉන් විශාල හානියක් සිදු වේ. දේශීය ධීවරයන් තම රැකියාව කරන මුහුදු ප්‍රදේශවලට පැමිණ අනවසර ධීවර කටයුතුවල යෙදීම නිසා දේශීය ධීවරයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්ෂණ සහ අනෙකුත් නීතිමය ක්‍රියා පටිපාටිවලින් පසුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

WhatsApp Image 2025 08 06 at 19.42.10

WhatsApp Image 2025 08 06 at 19.42.10 1

WhatsApp Image 2025 08 06 at 19.42.11

WhatsApp Image 2025 08 06 at 19.42.11 1

 

Youtube