ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින (2025 ජූනි 20) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.

නැගෙනහිර පළාතේ මුහුදු කොල්ලකෑම් සිදුවීම් වැළැක්වීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ආරක්ෂක අංශවලින් ඉල්ලීම් කරයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජුනි 18 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැදගත් රැස්වීමේදී පුත්තලම සහ මහවැව යන ධීවර දිස්ත්‍රික්කවල ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.
නවතම පුවත්
- මාතලේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්. ක්ෂේත්රයේ ප්‍රගතියට අන්තර්-ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය අවධාරණය කරයි
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා
- ජලජ ශාක පටක රෝපණ හා අපනයන අංශයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත අවස්ථා පිළිබඳ සාකච්ඡාව
- උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"





