en banner

WhatsApp Image 2026 01 06 at 17.52.30

2026.01.06 දින පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා පනත යටතේ නියෝග කිහිපයකට ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.

මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද සහභාගී විය.

ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග මගින් යම් තැනැත්තකු විසින් මඩ කකුළුවාගේ බාහිර කවචයේ වැඩිම පළල ඇති කොටස මැනීමේ දී බාහිර කවචයේ පළල මිලිමීටර් 130 ට අඩු මඩ කකුළුවන් ඇල්ලීම, විකිණීම, සන්තකයේ තබා ගැනීම, පිරිසැකසුම් කිරීම හෝ අපනයනය කිරීම වලක්වනු ඇත. මෙය සෑම වසර තුනකට වරක් සමාලෝචනය කර රෙගුලාසි සංශෝධනය කිරීමේ පදනම මත ඉදිරිපත් කරන බව නිලධාරීහු පැවසූහ.

ඊට අමතරව, ධීවරයින්ට දායක විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා පනතේ නියෝග ඉදිරිපත් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා , ඉදිරි සති කිහිපය තුළ ධීවරයින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සමඟ ධීවර අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම යෝජනා ක්‍රමයට ධීවරයින් වැඩි පිරිසක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

මේ අතර, රටේ විවිධ ප්‍රදේශවල සිදුවන නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම ඇතුළු ධීවරයින් මුහුණ දෙන ගැටලූ පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මේ රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ. 

WhatsApp Image 2026 01 06 at 17.52.27

WhatsApp Image 2026 01 06 at 17.52.28 1

WhatsApp Image 2026 01 06 at 17.52.29

WhatsApp Image 2026 01 06 at 17.52.29 1

WhatsApp Image 2026 01 06 at 17.52.28

WhatsApp Image 2026 01 06 at 17.52.30 1

 

 

නවතම පුවත්

Youtube