en banner

WhatsApp Image 2026 02 16 at 17.29.05 1ක්ෂේත්‍රයේ උන්නතියට නවකයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අවධාරණය කරයි

‘’සාගර දූෂණය වැළැක්වීමට සහ නව නිෂ්පාදන බිහි කිරීමට 'නාරා' ආයතනය පෙරට පැමිණිය යුතුයි’’ - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

මෙරට ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ කේන්ද්‍රස්ථානය වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) ශක්තිමත් කිරීමේ අරමුණින්, නව නිලධාරීන් 85 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (16) දින අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරා ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රධාන විද්‍යාඥ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සහ විද්‍යාඥ යන තනතුරු සඳහා 45 දෙනෙකු බඳවා ගැනීම මෙහි විශේෂත්වයක් වූ අතර, මීට අමතරව Senior Hydrological Surveyor , Hydrographic Surveyor , Senior Extension Officer , Assistant Director (Human Resources) , Sociologist , Economist , Store Keeper , Librarian , Personal Assistant to Director General , Technological Officer (Mechanical) , Computer Network / Hardware Technological Officer , Development Officer (Project) , Research Assistant , Management Assistant (Non-Technical), Electrician තනතුරු සඳහා ද පත්වීම් ලබා දෙන ලදී.

නව පත්වීම්ලාභීන් අමතමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය: "අද පත්වීම් ලබන පිරිසෙන් හරි අඩකටත් වඩා සිටින්නේ විද්‍යාඥයින්. 'විද්‍යාඥයා' යන නම ඇසූ පමණින් අපට දැනෙන්නේ ගෞරවයක්. ඔබ ඒ නාමයට සරිලන සේවයක් කිරීමට සූදානම්ද කියා ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න. නාරා ආයතනය යනු මේ රටේ සාගර සම්පතේ හිමිකරුවායි. මෙම ආයතනය නිසි ලෙස කළමනාකරණය කර ගතහොත්, රටට දැවැන්ත ආදායමක් ගෙන දෙන තැනක් බවට මෙය පත් කළ හැකියි."

*දේශපාලන සංස්කෘතියේ වෙනසක්:*
අතීතයේ රජයේ රැකියා ලබා දීමේදී දේශපාලනඥයින්ගේ මැදිහත්වීම් බහුලව සිදු වුවද, මෙවර නාරා ආයතනය සඳහා බඳවා ගැනීම් සිදු කළේ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව, සම්පූර්ණයෙන්ම සුදුසුකම් මත පදනම්ව බව අමාත්‍යවරයා අවධාරණය කළේය. "රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් දේශපාලනඥයින්ගේ වාහන බලපත්‍ර, නිල නිවාස සහ අමතර දීමනා කප්පාදු කරමින් ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපේ රජය කටයුතු කළා. ජනතාවට නැති විශ්‍රාම වැටුපක් මන්ත්‍රීවරුන්ට පමණක් අනවශ්‍යයි යන ප්‍රතිපත්තියේ සිට, හෙට දිනයේදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවත්" අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අදහස් දක්වමින්, නාරා ආයතනය හුදු සාම්ප්‍රදායික පර්යේෂණවලට සීමා නොවී, නව්‍යකරණයට යොමු විය යුතු බව අවධාරණය කළේය. "මතුපිටින් පෙනෙන දේ යථාර්ථය නොවේ. විද්‍යාව යනු ප්‍රකෘතිය පිළිබඳ ගැඹුරින් සොයා බැලීමයි. අපි ධීවර කර්මාන්තය සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගෙන යා යුතුයි. තෙල් ගවේෂණය, සාගර ඛනිජ සම්පත් ගවේෂණය සහ මුහුදු ආහාර (Sea Food) ආශ්‍රිත නව නිෂ්පාදන කෙරෙහි නාරා ආයතනය අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබෙනවා," යැයි ඒ මහතා පැවසීය.

"ලෝකයේ දූෂිතම සාගර කලාප 10 අතරට ලංකාවත් අයත් වෙනවා. මේ තත්ත්වය වෙනස් කර, අපේ සුන්දර වෙරළ තීරය සහ සාගර කලාපය රැකගැනීමට ජනතාව දැනුවත් කිරීමත්, ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීමත් ඔබේ වගකීමක්. 'සබඳ අප ප්‍රමාද නැත, දැන් උස් කඳු මුදුන් බලා පියාසර කළ යුතු කාලය එළඹ ඇත' යනුවෙන් මම ඔබට මතක් කරනවා," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා සහ නාරා ආයතනයේ සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 02 16 at 17.29.00 1

WhatsApp Image 2026 02 16 at 17.29.05 1

WhatsApp Image 2026 02 16 at 17.29.00

WhatsApp Image 2026 02 16 at 17.29.05

WhatsApp Image 2026 02 16 at 17.29.02

WhatsApp Image 2026 02 16 at 17.29.06

නවතම පුවත්

Youtube