දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 226කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්රදානය කිරීමේ රාජ්‍ය උත්සවය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (23) දින නාරාහේන්පිට, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී සංකේතාත්මකව ධීවරයින් වෙත මූල්‍ය සහාය සහතිකපත් ලබා දීමද සිදු කෙරිණි.
මෑතදී ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රය යළි නගා සිටුවීම සඳහා තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් (Ms. Trinh Thi Tam) මැතිණිය අතර අද (16) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
පාඩු ලබන ආයතනය, ලාභ ලබන ජාතික සම්පතක් බවට පත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් ප්‍රතිඥාවක්
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





