
දේශීය ටින්මාළු කර්මාන්තය නංවාලීමට අවශ්‍ය සියලු සහයෝගය රජයෙන් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. දැනටමත් විදේශීය ටින්මාළු ගෙන්වීම පාලනය කර ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන දේශීය ටින්මාළුවල තත්ත්වය උසස් කිරීමට ටින්මාළු නිෂ්පාදකයන් පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ධීවරයන් විසින් ජනාධිපතිතුමාන් ඇතුළු රජය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන ගැටළුවක් වන ඉන්ධන ප්‍රශ්ණය, මාළු විදේශ වලින් ආනනයනය කිරීම, සහ ධීවර ආම්පන්නවල මිළ ගණන් ඉහළ යාම යන ගැටළුවලට ජනාධිපතිතුමන් කඩිනමින් විසදුම් ලබා දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බව, ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 26-01-2024 දින, වැල්ලමංකර පැවති ධීවර ජනතාවට වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ ප්රථමධාර කට්ටල බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේය.

තමන් විනෝදයට දේශපාලනය නොකරන බවත්, රටේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගනිමින්, ජනතාව වැටි තිබේන ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනිම සදහා ජනාධිපතිතුමා ප්රමුඛ රජයට ගත හැකි සැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මිරිදිය ධීවර සංගම් කිහිපයක නියෝජිතයින් අමතා 2024.01.17 දින කිලිනොච්චියේ දි පැවසිය.
නවතම පුවත්
- ධීවර යාත්‍රා අපනයනය දිරිගැන්වීමට රජයේ උපරිම සහය - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ.
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.





