2023/05/24 දින යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තනාපති ඩෙනිෂ් වයිබී මහතා ඇතුලු නියොජිත පිරිසක් ධිවර අමාත්‍යංශයේදි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය. මෙහිදි ශ්‍රි ලංකාවේ ධිවර ක්ෂේත්‍රය නගා සිටුවිම සදහා යුරොපා සංගමයෙන් ශ්‍රි ලංකාව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් පිලිබදව සාකච්ඡා විය.
මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම 2023/05/23 වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
හලාවත ධීවර කලපුවට, එම ප්‍රදේශයේ ගොවිපලවල අප ජලය, හලාවත මහ රෝහලේ හා නගර සභාවේ අප ද්‍රව්‍ය මුදා හැරිම හේතුකොටගෙන කලපුව බලවත් ලෙස අපිරිසිදු වීම නිසා කලපුවේ ධීවර කටයුතු වල යෙදුනු ධීවරයින්ට සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකිව බලවත් අපහසුතාවයට පත් වී සිටින බව 2023.05.22 වන දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍යවරයා හමු වී එම ධීවර නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.
නවතම පුවත්
- මාතලේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්. ක්ෂේත්රයේ ප්‍රගතියට අන්තර්-ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය අවධාරණය කරයි
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා
- ජලජ ශාක පටක රෝපණ හා අපනයන අංශයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත අවස්ථා පිළිබඳ සාකච්ඡාව
- උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"





