ජලඡ සම්පත් අපනයනය කිරීමේදි දමිළ ඩයස්පෝරා අපනයනකරුවන් සම්බන්ධකර ගැනීමට ඇති හැකියාව පිලිබදව සාකච්ඡාවක්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් (කරුණාඅම්මාන්) හා සංක්‍රමණික අපනයනකරුවන් සමග 2023.08.21 වැනි දින ධිවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොට ගෙන සීග්‍රයෙන් ඉහල ගිය මාලු මිල මේ වන විට විශාල ලෙස පහල බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් මහතා 2023.08.16 අද දින ධීවර අමාත්‍යංශයේදි වාර්තා කලේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වන තේ, රබර්, පොල් වලට අමතරව වැඩිම අපනයන ආදායමක් ලබා දෙන ඉස්සන් කර්මාන්තය නංවාලීම සදහා අවශ්‍ය සම්පූර්ණ රාජ්‍ය සහයෝගය ධීවර අමාත්‍යාංශය මගින් ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.08.11 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවති ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සංගමයේ නියෝජිතයන්ගේ (SLADA) හා ඊට අදාල අමාත්‍යාංශයේ ආයතන වන නැක්ඩා, නාරා හා ධීවර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





