ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ සහ සමුද්‍රීය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ජාතික වැඩපිළිවෙළට ශක්තියක් වෙමින්, ඕස්ට්‍රේලියාවේ ආධාර යටතේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) විසින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ටැබ් යන්ත්‍ර 50ක් පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාගය, IOM හි ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඉඔරි කටෝ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ IOM වැඩසටහන් නිරීක්ෂණය සහ අනාගත සහයෝගීතා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සංවිධානය විය.
සිය සංචාරය අතරතුර, කටෝ මහතා බේරුවල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර අධීක්ෂණ මධ්‍යස්ථානය (FMC) වෙත පැමිණියේය. එහිදී, FMC හි මෙහෙයුම් ආකෘතිය සහ සමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ තිරසාර ධීවර කළමනාකරණයට සහාය වන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස එහි භූමිකාව පිළිබඳව අධ්‍යක්ෂවරයා අවබෝධයක් ලබා ගත්තේය. එමෙන්ම, IOM සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR) අතර පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කරමින්, තිරසාර සහ පුළුල් සහයෝගීතාව සඳහා උපායමාර්ගික අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙහිදී, ක්‍රියාත්මක වන යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා සහ කොළඹ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයෙක් ද එක්ව සිටියේය.