දැක්ම
ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම.
ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති ...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබූ පොංගල් උත්සව සැමරුම් උත්සවයට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...
ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව...
දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.
නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10,
ශ්‍රී ලංකා
ඉන්දියානු සාගරයේ වෙළඳ කෙන්ද්‍රස්ථානයක් ලෙස ශතවර්ෂ ගණනාවක් පුරා කීර්තිමත් නාමයක් හිමි ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත් බහුල මෙන්ම ඉහළ අධ්‍යාපනික කුසලතා සපිරි ප්‍රගාමී ශ්‍රම බලකායකින්ද සමන්විත මධ්‍යම ප්‍රමාණයේ දුපත් රාජ්‍යයකි.
ප්‍රගතිශීලි ආර්ථික ප්‍රතිපත්තියක් හරහා ශ්‍රී ලංකාව ඉන්දියානු අර්ධද්වීපයේ පිවිසුම් ද්වාරය බවට පත්ව තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය සමග ඇති කරගෙන ඇති ඉතා වාසිදායක නිදහස් වෙළඳ ගිවිසුම මගින් බිලියන 1.4 කට අධික ජනතාවකට වෙළඳපොළ ප්‍රවේශය සඳහා මංපෙත් විවරව පවතී.
යුරෝපා සංගමය වෙත වරණීය වෙළඳ ගිවිසුම සඳහා ප්‍රවේශ වීම සහ චීනය හා සිංගප්පූරුව සමග සිදු කරගෙන යනු ලබන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අපනයන කෙන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේ දී මිලියන 3 කට අධික ජනකායක් සමග වරණීය වෙළඳ කටයුතුවල නිරත වීමට ඉඩහසර සැලසෙමින් පවතී.
ස්ථාවර සහ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සමගින් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා ප්‍රධාන ආයෝජන තෝතැන්නක් බවට පත් වී ඇත. ඉතා නුදුරේ දී ඉහළ මධ්‍යම පන්තික ආදායම් ලබන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වන අතර සංවර්ධන වෙමින් පවතින රාජ්‍යයන් අතර ඉහළ තරඟකාරී ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ආයෝජකයින් හට සුරක්ෂිත, ව්‍යාපාර හිතකාමී ආයෝජන පසුතලයක් සපයනු ලබයි.
පැරැන්නන් විසින් “සෙරන්ඩිබ්’’ සහ “ඉන්දියානු සාගරයේ මුතු ඇටය’’ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවෙහි සමුද්‍රීය, ජලජ සහ ධීවර ක්ෂේත්‍රයන්හි සිත් ඇදගන්නා සුළු නව ආයෝජන අවස්ථා රාශියක් ආයෝජකයින් සඳහා විවෘතව පවතී.