ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව සදහා නව කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත් හිඳල්ලආරච්චි මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් 2024.06.10 වන දින සිට පත්කොට තිබේ.
දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.
මුහුදු ආහාර නිෂ්පාදනය හා අපනයනය කිරීමේ සමාගමක් වන CM Blue Crabs පෞද්ගලික සමාගම කකුළුවන් ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාවක් 2024.01.16 වැනි දින මන්නාරම් ප්‍රදේශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
ILO C 188 -2007, ධීවර කර්මාන්තය හා සම්බන්ධ රැකියා සම්මුතිය ස්ථිර කිරීම සදහා ශ්‍රී ලංකාව කෙටුම්පත් කර ඇති නියෝග මාලාව, ධීවර අමාත්‍යවරයාට හා කම්කරු අමාත්‍යවරයාට පිළිගැන්වීම පසුගියදා (08) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුමුරිප්පු ප්‍රදේශයේ පිහිටුවා ඇති මිරිදිය පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 02ක් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ, ඉකුත් 19 වැනි දින එහි පළමු අදියර යටතේ මත්ස්‍ය පැටවුන් 150,000ක් ද නිදහස් කරන ලදි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Misukoshi Hidayaki) මහතා, ධිවර අමාත්‍යාංශයේ දී හමු වු අවස්ථාවේ දී ධීවර කර්මාන්තය ඉහල නැංවීමට ජපන් රජයේ අනුග්‍රහය ලබා දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල ධීවර කටයුතු සංවර්ධනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය පළ කර එකඟතාව අනුව, ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීම 2023.11.22 මුදල් අමාත්‍යාංශයේ දී සිදුවිය.
චින සමුහ ආණ්ඩුව විසින් ලංකාවේ ධීවර ප්‍රජාවේ ප්‍රයොජනය සදහා ප්‍රදානයක් වශයෙන් පිරිනැමුණු භුමිතෙල් යාත්‍රා හිමියන් සදහා නොමිලේ ලබාදිමේ වැඩසටහනේ පළමු අදියර 2023/05/23 දින පානදුර ධීවර වාරායේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සහ මහජන චින සමුහණ්ඩුවේ ශ්‍රි ලංකා තනාපති කී.ෂෙන්හොංග් (QIZHENHONG) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
ධිවර අමාත්‍යවරයා ලගදිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට යෝජිත නව ධිවර පනත මගින් ජාතික ධිවර මහා සම්මේලනයේ බලතල වැඩිවන අතර සම්මේලනය හා ග්‍රාමීය ධීවර සමිති වල වගකිම ධිවර අමාත්‍යංශය සතුවන බවත් ජාතික ධීවර මහා සම්මේලයේ ප්‍රධාන ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.
ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ (Dr. Satyanjal Pandey) මහතා අතර සාකච්ඡාවක් 2023.09.23 වන (අද දින) දින ධීවර අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023.06.08 වැනි දින පාර්ලිමේන්තු කමිටු රැස්වීම් ශාලාවේ ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් හා උතුරු පළාත් ප්‍රාදේශීය ලේකම්වරුද,
Page 1 of 2
නවතම පුවත්
- ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නෝර්වේජියානු තානාපති May-Elin Stener හමුවෙයි
- ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
- ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා වැඩ භාර ගනී
- ලෝක ධීවර දිනය 2024 නිමිත්තෙන් ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සුබ පැතුම් පණිවිඩය
- ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි