ரத்தினபுரி மாவட்டத்தின் எம்பிலிபிட்டிய பிரதேச செயலாளர் பிரிவுக்குட்பட்ட உடவலவ நீர்த்தேக்கத்தில் கடந்த மே 09 மற்றும் 10 ஆகிய இரண்டு நாட்களில் மாத்திரம் 35,000 கிலோகிராமிற்கும் அதிகமான (35,469 kg) பாரிய மீன் அறுவடை கிடைத்துள்ளதாக இலங்கை தேசிய நீர்வாழ் உயிரின வளர்ப்பு அபிவிருத்தி அதிகார சபை (NAQDA) அறிவித்துள்ளது.
නෙළා ගන්නා ලද මෙම මත්ස්‍ය අස්වැන්නේ සම්පූර්ණ වටිනාකම රුපියල් එක් කෝටි නව ලක්ෂ නව දහස් තුන්සිය අනූ තුනක් (රු. 10,909,393/=) පමණ වේ.
බලන්ගොඩ ඇතුළු උඩවලව ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම වාර්තාගත අස්වැන්න ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත. මෙලෙස ලැබුණු අස්වැන්න (කි.ග්‍රෑ. 35,469) අතර කැට්ලා (Catla) කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් (Mrigal) කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා (Tilapia) කිලෝග්‍රෑම් 1,009ක් අඩංගු වේ.
මෙම මත්ස්‍ය අස්වැන්නෙන් සැලකිය යුතු තොගයක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත යැවීමට පියවර ගෙන ඇත. මෙමගින් ප්‍රදේශයේ ධීවර කාර්මිකයින් 313 දෙනෙකුට සෘජු ආර්ථික ප්‍රතිලාභ හිමි වූ අතර, තවත් පුද්ගලයින් 1,650 කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදාවිය. අඩු මුදලකට ගුණාත්මක සහ නැවුම් මිරිදිය මසුන් පාරිභෝගිකයාට ලබා දීමට හැකිවීමත්, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමටත් මෙමගින් මනා පිටුවහලක් ලැබුණි.
මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මෙම වසර තුළදී මුළුමනින්ම උඩවලව ජලාශය තුළ මිරිදිය මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.
මෙරට මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සහ පෝෂණ මට්ටම නංවාලීම රජයේ මූලික අපේක්ෂාව බව අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.









