en banner

WhatsApp Image 2025 09 04 at 15.57.24

 

 

 

 

 

 

නබි නායකතුමන්ගේ ශ්‍රේෂ්ඨ උපත සමරන මෙම උතුම් දිනයේදී, ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම ඉස්ලාම් බැතිමතුන්ට මගේ හද පිරි සුබ පැතුම් පිරිනමමි.

සාමය, කරුණාව, සහෝදරත්වය සහ අවංකභාවය වැනි විශ්වීය වටිනාකම් පිළිබඳ නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, බහුවිධ සංස්කෘතීන්ගෙන් සැදුම් ලත් අප සමාජයේ සමගිය සහ අන්‍යෝන්‍ය අවබෝධය සඳහා කදිම මඟ පෙන්වීමකි.

ධීවර අමාත්‍යවරයා ලෙස, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා මුස්ලිම් ප්‍රජාව දක්වන ඓතිහාසික සහ සුවිශේෂී දායකත්වය මම මෙම අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. ධීවර කර්මාන්තය, වෙළඳාම සහ අපනයනය වැනි ක්ෂේත්‍රවල ඔවුන්ගේ සුවිශේෂී කැපවීම අපගේ ආර්ථිකයට මහත් ශක්තියකි.

"තම දෑතින් මහන්සි වී උපයන අවංක ආදායමේ" වටිනාකම පිළිබඳ නබිතුමන්ගේ ඉගැන්වීම, දිවා රෑ නොබලා කටුක මුහුද සමඟ පොරබදින අපගේ ධීවර ප්‍රජාවගේ ජීවිතවලට මහත් ආදර්ශයකි.

මෙම උතුම් දිනයේදී, අපගේ සමුද්‍ර සම්පත සුරකිමින්, එකිනෙකා සහයෝගයෙන්, සමගියෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කරමින්, අපගේ ධීවර කර්මාන්තයත්, අපේ රටත් සමෘද්ධිය කරා ගෙන යාමට අධිෂ්ඨාන කර ගනිමු.

සැමට සාමය සපිරි මිලාද් උන්-නබි දිනයක් වේවා!

சமீபத்திய செய்திகள்

Youtube