ඉන්දීය ධීවරයන්ගේ නීති වීරෝධි ක්‍රියා නිසා ලංකාවේ උතුරු පළාතේ ජීවත්වන දමිළ ධීවරයන් දුක් විදින බව තමිල්නාඩු ජනතාව වටහා නොගැනීම කනගාටුවට කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ 2023.03.21වැනි දින ධීවර අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා ඉන්දීයානු තානාපති විනෝත් ජේකප් මහතා සමග පැවති හමුවක දීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් හා උතුරු පලාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දියත්කරන නීතිමය පියවර පිලිබදව ඉන්දියානු පාර්ශවය විසින් දක්වන වැරදි මතය නිසා දෙරට අතර රාජතාන්ත්‍රික ගැටලු ඇති කරන බවද පැවසීය.
මෙහිදි අමාත්‍යවරයා ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධි ක්‍රියා, මැඩලීම සම්බන්ධව දියත් කරන රාජතාන්ත්‍රික සාකච්ඡාවල තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වු අතර මෙම අවස්ථාවේ ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්ණ වලදී දෙරට ගතයුතු පියවර පිළිබදව දීර්ඝව සාකච්ඡා කළ කළහ.