ශ්‍රී ලංකා හා මාලදිවයින් ඊජිප්තු රජයේ තානාපති මාගාට් මෝෂ්ලේ මහතා හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර සාකච්ඡාවක් 2023/03/21 දින ධීවර අමාත්‍යංශයේදි පැවත්විණි. මෙහිදි ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරිමට ඊජිප්තු රජයේ අත්දැකිම් හා තාක්ෂණික සහයෝග ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.
මෙම අවස්ථාවේ අදහස් දැක්වු ඊජිප්තු තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධිවර ප්‍රජාවට හා මුහුදු ආහාර නිෂ්පාදනකරුවන්ට සහය ලබා දිමට සිය රජය කැමැත්තෙන් සිටින බවත්, තම රටේ ආයෝජනකරුවන් ශ්‍රී ලංකාවේ ධිවර ක්ෂේත්‍රයේ ආයෝජනය කිරිමට කැමැත්තෙන් සිටින බවත්, හැකි ඉක්මණින් උතුරු පළාතේ සංචාරයක නිරත විමට තමන් බලාපොරොත්තු වන බව ද පැවසිය.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යාවරයා, ඊජිප්තු තානාපතිවරයාගේ උතුරේ සංචාරය තමා බලාපොරොත්තුවෙන් සිටින බවද, ධිවර හා ජලජිවි වගාව ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ දියත් කරන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් කල අතර, විදේශ රටවල ආයෝජකයන්ගේ මුල්‍යමය ආධාර හා ආයෝජනයන් තම රටට ලැබුණු විගස මෙම ව්‍යාපෘති ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පැවසිය.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය එස් තවරාජා මහතාද සහභාගී විය.