දැක්ම
ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම.
ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති ...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබූ පොංගල් උත්සව සැමරුම් උත්සවයට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...
ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව...
දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.
නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10,
ශ්‍රී ලංකා
ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම
වර්තමාන හා අනාගත පරපුරේ යහපත උදෙසා ධීවර හා ජලජ සම්පත් භාවිතය කළමනාකරණය කිරීම
වසර දෙදහසකට අධික කාලයක අතීතයකට දිවෙන දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සතුව පවතී. එය වෙරළබඩ ප්‍රජාවගේ ප්‍රාථමික ආර්ථික ක්‍රියාකාරකම් වලින් එකක් විය. විශේෂයෙන් 1948 වසරේ දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවාට පසු, සමුද්‍රීය ධීවර කර්මාන්තය ජීවනෝපාය ක්‍රියාකාරකමක සිට රුපියල් බිලියන පරිමාණයක කර්මාන්තයක් බවට ක්‍රමයෙන් පත් වී තිබේ. මිරිදිය ධීවර කර්මාන්තය හා ජලජීවී වගාව යනු වසර 75කට නොවැඩි මෑතකාලීන සංවර්ධනයන් වේ. වයඹ පලාතේ ඉස්සන් වගාව ස්ථාපනය කිරීමත් සමඟ 1980 දශකයේ මුල් භාගයේ දී වෙරළබඩ ජලජීවි වගාව ආරම්භ විය. මීට බොහෝ පසු කාලීනව, එනම් 2010 දී පමණ සමුද්‍රීය ජලජීවී වගාව අරඹන ලදී.
ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් පදනම වර්ග කිලෝමිටර් 517,000 ක අනන්‍ය ආර්ථික කලාපයකින් ද, වර්ග කිලෝ මිටර් 21,500 ක දේශීය ජල තීරයකින් ද, වර්ග කිලෝමීටර් 1,580 ක කලපු හා ගං මෝයවල් වලින් ද, වර්ග කිලෝමීටර් 5,200 ක මිනිසා විසින් සාදන ලද ජලාශ වලින් ද සමන්විත වේ. බොකු, කලපු, ජලාශ සහ වෙරළබඩ මෙන් ම ජලාශ ආශ්‍රිතව පිහිටා ඇති ඉඩම් ද ජලජීවී වගා සංවර්ධනය සඳහා සම්පත් පදනමක් නිර්මාණය කරයි.
දැනට පවත්නා වෙළඳපොළ මිලගණන් යටතේ ධීවර හා ජලජීවි වගා ක්‍ෂේත්‍රය විසින් දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් 1.4% ක දායකත්වයක් ලබා දෙයි. මෙමගින් පුද්ගලයන් 575,000 (රටේ ශ්‍රම බලකායෙන් 3.7%) කට පමණ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා සපයනු ලැබේ. ඇ.ඩො.මි. 1300 කට වැඩි අගය එකතු කිරීමක් සහිත වර්තමාන (2017) වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 530,000 කට අධික වේ. ටූනා වර්ග, ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්, මුහුදු කූඩැල්ලන්, විසිතුරු මසුන් ඇතුළත් සමස්ත නිෂ්පාදනයෙන් 5% ක පමණ ප්‍රමාණයක් අපනයනය කරමින් මෙම ක්ෂේත්‍රය විසින් ඇ.ඩො.මි. 250 කට අධික අපනයන ආදායමක් ද උපයයි. පොදු ජනතාව ගේ ප්‍රධාන සත්ත්ව ප්‍රෝටීන ප්‍රභවය වන්නේ මත්ස්‍ය පරිභෝජනයයි. රටේ සමස්ත මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතාවයෙන් 65% ක් වර්තමානයේ දී සපුරාලනු ලබන්නේ දේශීය මත්ස්‍ය සැපයුමෙන් වන අතර ඉතිරිය ආනයනය කරනු ලබන මසුන්ගෙන් සපයා ගනු ලැබේ. දේශීය ධීවර හා ජලජීවී වගා නිෂ්පාදනය මගින් සමස්ත මත්ස්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට හෝ ඊට විකල්පයක් ලෙස මත්ස්‍ය අපනයන ආදායමේ කොටසකින්, දේශීය පරිභෝජනය සඳහා කරනු ලබන මත්ස්‍ය ආනයනයන් ගේ පිරිවැය සපුරා ගැනීමට රජය අපේක්‍ෂා කරයි.
ධීවර හා ජලජීවී වගා ක්‍ෂේත්‍රය තුළ මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් පහත අරමුණු සාක්‍ෂාත් කර ගැනීම රජයේ අපේක්‍ෂාව වේ.