28 June 2026
බහුදින ධීවරයින් සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සේවාව තවදුරටත් නිවැරදි හා කාර්යක්ෂම කිරීමට පියවර!

නාරා (NARA) ආයතනය මගින් බහුදින ධීවර යාත්‍රා සඳහා දැනට ලබාදෙන “මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන” තවදුරටත් විධිමත් කිරීම සහ දත්තවල නිවැරදිභාවය ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඉන්දියානු ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානයේ (Indian National Centre for Ocean Information Services – INCOIS) ඉහළ පෙළේ දූත පිරිසක් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා අතර පැවති මෙම හමුවේදී දෙරට අතර ධීවර ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

මෙහිදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:

✅ මත්ස්‍ය පුරෝකථන දත්ත තවදුරටත් නිවැරදිව (Accuracy) සහ කඩිනමින් ධීවරයින් වෙත ලබාදීම.

✅ නවීන තාක්ෂණික දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම.

✅ මෙරට නිලධාරීන් සඳහා විශේෂිත තාක්ෂණික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

මෙම නව තාක්ෂණික දියුණුව හරහා බහුදින ධීවරයින්ට මසුන් ගැවසෙන කලාප නිවැරදිව හඳුනා ගැනීමට හැකි වන අතර, ඒ හරහා ඉන්ධන පිරිවැය සහ කාලය ඉතිරි කර ගනිමින් ඉහළ අස්වැන්නක් නෙළා ගැනීමට මෙන්ම මත්ස්‍ය අස්වැන්න අපතේ යාම අවම කිරීමට ද මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

Share

Latest News

බහුදින ධීවරයින් සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සේවාව තවදුරටත් නිවැරදි හා කාර්යක්ෂම කිරීමට පියවර!
Assistance of the Merchant ships in the southern seas are also being sought to search for the missing fishing vessel ‘IDAY-A- 0122KMN’: Joint operations by the Navy, Air Force, and Fisheries Department continue
Boats and Fishing Nets Distributed to Fishermen Affected by Cyclone Dithwa
Japan-Funded Purified Ice Production Facility Opened in Iranapalai
Immediate Solutions to Colombo's Fisheries Issues: Directions from Deputy Minister Rathna Gamage for the Utilization of Abandoned Government-owned Buildings for the Benefit of the Fishing Community
Official Meeting Between the High Commissioner of Canada to Sri Lanka and the Minister of Fisheries on the Progress of Sri Lanka’s Fisheries Sector and Future Cooperation
1 2 3 17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *