මෙම අමාත්‍යාංශය මඟින් ධීවර සංවර්ධනය ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම, මෙහෙයවීම හා සමස්ථ ධීවර සංවර්ධනයට අදාල කාර්යයන් කෙරෙහි බලපාන ප්‍රතිපත්ති සම්පාදනය ධීවර සමාජ සංවර්ධන අංශයෙහි ප්රමුඛ වගකීමයි. ඒ අනුව, ධීවර අංශය සම්බන්ධයෙන් මෙරට ජාතික ප්රතිපත්තියෙහි සමුද්‍රීය ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම, ජලජීවි වගා සහ මිරිදිය ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම, පසු අස්වනු හානි අවම කිරීම සහ අගය එකතු කිරීම ඉහළ නැංවීම, ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, විනෝදාත්මක ක්‍රියාකාරකම්, රැකියා හා ව්‍යාපාරික සංවර්ධනය සඳහා පවතින අවස්ථා ඉහළ නැංවීම, ධීවර ප්රජාවන්ගේ සමාජ - ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම. යන අරමුණු ළගාකර ගැනීමට අවශ්‍යය සියලු වැඩසහටන් සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සංවර්ධන අංශයෙහි කාර්යභාරයයි.
කලපු සංරක්ෂණ හා සංවර්ධන
කලපු ගැඹුරු කිරීම හා පිරිසිදු කිරීම
කලපු හා අභ්‍යන්තර ජලාශ ආශ්රිත ජලජ පරිසර සංරක්ෂණය හා සංවර්ධනය තුළින් ජලජීවී නිෂ්පාදන ඉහළ නැංවීම ප්‍රධාන උපාය මාර්ගය කර ගනිමින් මත්ස්‍ය හා ජලජීවි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් යුතුව කලපු සංවර්ධනය හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය 2018 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.
කලපු පිරිසිදු කිරීම හා කලපුවේ ජල හුවමාරුව ක්‍රමවත්ව සිදුවන පරිදි ඇල මාර්ග ගැඹුරු කිරීම තුළින් කලපු තුළ ස්වභාවික මත්ස්‍ය ගහනය ඉහළ නැංවීම, ජලජීවී වගා සංවර්ධනය, පසු අස්වනු නාස්තිය අවම කිරීම ඉලක්ක කර ගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අනවසර අල්ලා ගැනීම් හා ගොඩකිරීම් වළක්වා සංරක්ෂණය කෙරෙහි ඉවහල් වන කලපු මායිම් ලකුණු කිරීම, ජීවනෝපාය සංවර්ධනය, කඩොලාන සංරක්ෂණය කිරීම, තහනම් ආම්පන්න ඉවත් කිරීම හා කලපු කළමණාකරනය ශක්තිමත් කිරීම හා මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම තුළින් මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියෙහි සෘජු අරමුණු වේ. එමෙන්ම නව රැකියා අවස්ථා බිහිකිරීම, සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීම යන ඉලක්කයන් ද මෙම ව්‍යාපෘතිය තුළින් ළඟා කර ගැනීමට අපේක්ෂා කෙරේ. 2023 වර්ෂයෙහි මෙම ව්‍යාපෘතිය සඳහා රු.මි. 250 ක ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතන, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව එක්ව තවත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන යටතේ පහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- කලපු 11 ක් සඳහා ප්‍රධාන සැලසුම් (Master Plan) සකස් කිරීම - ආරුගම්බේ කලපුවෙහි රොන්මඩ ඉවත් කිරීම සඳහා පිරිවිතර, ඇස්තමේන්තු හා ප්‍රමාණපත්‍ර සකස් කිරීම.
- ආරුගම්බේ කලපුවෙහි රොන් මඩ ඉවත් කිරීම.
- නයාරු කලපුවෙහි මූලික පාරිසරික අධ්‍යනයන් සිදු කිරීම හා කලපුව පිරිසිදු කිරීම
- ලංකා පටුන කලපුවෙහි මූලික පාරිසරික අධ්‍යනයන් සිදු කිරීම හා කලපුව පිරිසිදු කිරීම
- නන්දිකඩාල් කලපුව පිරිසිදු කිරීම
- තෝරා ගන්නා ලද කලපු වල සීමා සලකුණු කිරීම
- තෝරා ගන්නා ලද කලපු 10 ක් ආශ්රිත මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම
ධීවර වරායන් සංවර්ධනය හා ඉදිකිරීම්
මීගමු කලපුව සංවර්ධනය කිරීම
මෙම ව්‍යාපෘතිය අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වේ. එහි දී, අදියර I යටතේ ක්‍රියාත්මක පැකේජ ගණන 7 කි. ව්‍යාපෘතියේ අදියර I හි පැකේජ 7 සඳහා මුඵ මුදල රු.මි. 1,000 කි.
- පැකේජ - I – ලෙල්ලම ප්‍රදේශයේ කලපු සංවර්ධනය - එහි දී, ලෙල්ලම වැඩබිමෙහි පැකේජ I යටතේ බේසම හෑරීම 2016.05.14 වන දින වැඩ ආරම්භ කරන ලද අතර, 2017.02.14 වන දින ව්‍යාපෘතිය අවසන් කරන ලදී.
- පැකේජ II – උසාවි සංකීර්ණය අසල ප්‍රදේශයේ කලපුව සංවර්ධනය කිරීම - පැකේජ II යටතේ අධිකරණය අසල කලපුව හෑරීම 2017.08.01 වන දින ආරම්භ කරන ලද අතර, 2017.02.14 වන දින ව්‍යාපෘතිය අවසන් කරන ලදී.
- පැකේජ III - රැජින මාර්ගය ප්‍රදේශයේ කලපු සංවර්ධනය - පැකේජ III යටතේ රැජින පාර අසල කලපුව හෑරීම 2018.07.20 වන දින ආරම්භ කරන ලද අතර, මේ වන විට කලපුවේ භෞතික ප්‍රගතිය 90% ක් වේ.
ප්‍රමාදවීමට හේතුන් - ව්‍යාපෘතියේ 3 වන අදියර ක්‍රියාත්මක කිරිමේදි, කලපු රොන්මඩ ඉවත් කර ඒවා වියලෙන තෙක් ව්‍යාපෘති සීමාවෙහි තැන්පත් කර තැබීම නිසා කඩොලාන පරිසරයට හානි සිදු කිරිමක් ලෙස දක්වා වන සංරක්ෂණ ආ. ප. 20 (1) වෙනි වගන්තිය යටතේ නඩු පවරා ඇත. (ව්‍යාපෘතියේ 3 වන අදියර) කලපු රොන්මඩ ඉවත් කර ඒවා වියලෙන තෙක් ව්‍යාපෘති සීමාවෙහි තැන්පත් කර ඇති පස් කර මීගමුව පොලීසිය නිසි ආරක්ෂාව ලබා දුන් පසු රොන්මඩ ඉවත් කිරීම නැවත ආරම්භ කිරිමට නියමිතය.
- පැකේජ IV - ලෙල්ලම ප්‍රදේශයේ කලපු සංවර්ධනය - ලෙල්ලම වැඩබිමෙහි පැකේජ IV යටතේ බේසම හෑරීම 2019.03.26 වන දින වැඩ ආරම්භ කරන ලද අතර, මේ වන විට කලපුවේ භෞතික ප්‍රගතිය 100% ක් වේ.
- පැකේජ V - ලෙල්ලම ප්‍රදේශයේ ජැටිය ඉදිකිරීම - පැකේජ V යටතේ මීටර 15 පළල මීටර 265 ක් දිග ජැටිය ඉදිකරනු ලබයි. මේවන විට ලංසු කැදවිම සදහා ලංසු ලේඛනය සකස් කරමින් පවති.
- පැකේජ VI - උසාවි සංකීර්ණය අසල ප්‍රදේශයේ ජැටිය ඉදිකිරීම - පැකේජ VI යටතේ මීටර 15 පළල මීටර 145ක් දිග ජැටිය ඉදිකරනු ලබයි. මෙවන විට සැලසුම් සකස්කර අවසන් කර ඇති අතර, ලංසු කැදවිම සදහා ලංසු ලේඛනය සකස් කරමින් පවති. මේවන විට කොන්ත්‍රාත් කරුවෙකු තොරා ගැනීම සඳහා ප්රසම්පදන කටයුතු සිදු කිරීමට නියමිතය.
වෙල්ලමන්කර ධීවර වරාය ඉදිකිරීම
මෙම ව්‍යාපෘතිය 2022 මාර්තු 15 දින අවසන් කරන ලද අතර, පහත අයිතමයන්ගෙන් සමන්විතය.
- දියකඩනය (මීටර 567 )
- ඛාදන වාරකය (Groyne) ඉදිකිරීම (මීටර 125)
- වේදිකාව ඉදිකිරීම (මීටර 350)
- වෙරළ පහසුකම් (Shore facilities) : මත්ස්‍ය වෙන්දේසි ශාලාව, දැල් සැකසුම් මධ්‍යස්ථානය, ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම් වෙන්දේසි ශාලාව, සාප්පු ගොඩනැගිල්ල, කාර්ය මණ්ඩල නේවාසිකාගාරය, ධීවර පරීක්ෂක හා වෙරළාරක්ෂක බලකාය සඳහා කාර්යාල නවාතැන් පහසුකම් සහ පානීය ජලය ටැංකි.
ව්‍යාපෘති ආරම්භය : 2018.06.25
ව්‍යාපෘති වටිනාකම : රු.මි. 2,498
ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රගතිය :
අවුරුද්ද | මුල්‍ය ප්‍රතිපාදන රු.මි. | වියදම රු.මි. | සටහන |
2018 | 500 | 342.95 | |
2019 | 800 | 638.9 | |
2020 | 719.8 | 709.13 | |
2021 | 605 | 512.6 | |
2022 | 208.2 | 208.2 | 31.12.2022 දිනට අතැති බිල්පත් රු.මි.08 |
භෞතික ප්‍රගතිය :
වෙල්ලමන්කර ධීවර වරාය ඉදිකිරීම් ව්‍යාපෘතියේ 2022.03.15 දින අවසන් කර 2022.06.18 දින මෙහෙයුම් කටයුතු සඳහා ධීවර වරාය නිතීගත සංස්ථාවට භාරදී ඇත.
ගන්දර ධීවර වරාය ඉදිකිරීම
මෙම ව්‍යාපෘතිය මඟින් පහත දැක්වෙන අයිතමයන් ඉදිකිරීම සිදු කරයි.
- දියකඩනය ඉදිකිරීම (මීටර 257 )
- වේදිකාව ඉදිකිරීම (මීටර 175.63 , 221.12 හා 127 )
- වෙරළ පහසුකම් (Shore facilities) :මත්ස්‍ය වෙන්දේසි ශාලාව, දැල් සැකසුම් මධ්‍යස්ථානය, ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම්, සාප්පු ගොඩනැගිල්ල, කාර්ය මණ්ඩල නේවාසිකාගාරය, ධීවර පරීක්ෂක හා වෙරළාරක්ෂක බලකාය සඳහා කාර්යාල, නවාතැන් පහසුකම්, පොම්පාගාර, කසළ එකතු කිරිමේ ස්ථානය, කිරුම් ස්ථානය, තෙල් සැපයිම් කටයුතු සහ වතුර ටැංකි ඉදිකිරීම සිදු කරයි.
ව්‍යාපෘති ආරම්භය : 2020.12.07
ව්‍යාපෘති අවසානය : 2023.12.06
ව්‍යාපෘති වටිනාකම : රු.මි. 9,360
ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රගතිය :
අවුරුද්ද | මුල්‍ය ප්‍රතිපාදන රු.මි. | වියදම රු.මි. | සටහන |
2020 | 408 | 202.48 | |
2021 | 1710 | 1598.18 | |
2022 | 1599.44 | 1043.74 | 31.12.2022 දිනට අතැති බිල්පත් රු.මි. 871.30. |
භෞතික ප්‍රගතිය :
2022 වර්ෂයේ ගන්දර ධිවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සමුද්‍රීය ඉදිකිරීම් පමණක් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කරන ලද අතර ගොඩනැගිලි ඉදිකීරිම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව ව්‍යාපෘති වැඩසටහන( Programme )නැවත සකස් කරන ලදි.
ගන්දර ධිවර වරාය ඉදිකිරීම් ව්‍යාපෘතියේ 2022.12.31 දිනට අපේක්ෂිත භෞතික ප්‍රගතිය 83% වූ අතර එහි භෞතික ප්‍රගතිය 60% කි.
ව්‍යාපෘති නම සහ අයිතමයන් | අපේක්ෂිත ප්‍රගතිය (%) | ලබා ගත් ප්‍රගතිය (%) |
මූලික කටයුතු | 100 | 100 |
දියකඩනය ඉදිකිරීම | 95 | 88 |
බේසම ගැඹුරු කිරිම | 89 | 39 |
පෙර බ්ලොක් සකස් කිරිම | 100 | 100 |
වේදිකාව ඉදිකිරීම | 34 | 26 |
ගොඩනැගිලි ඉදිකිරීම | 0 | 01 |
බාහිර ඉදිකිරීම් කටයුතු | 0 | 0 |
Provisional sums | 0 | 0 |
ඉඩම් අත්පත් කර ගැනීම හා නැවත පදිංචි කිරීම | 55 | 55 |
බලපිටිය ධීවර වරාය ඉදිකිරිම
මෙම ව්‍යාපෘතිය මඟින් පහත දැක්වෙන අයිතමයන් ඉදිකිරීම සිදු කරයි.
- දියකඩනය ඉදිකිරීම (මීටර 418)
- දියකඩනය ඉදිකිරීම (උතුරු) (මීටර 125)
- වේදිකාව ඉදිකිරීම (මීටර 125)
- වෙරළ පහසුකම් (Shore facilities) : මත්ස්‍ය වෙන්දේසි ශාලාව, දැල් සැකසුම් මධ්‍යස්ථානය, ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම් වෙන්දේසි ශාලාව, සාප්පු ගොඩනැගිල්ල, කාර්ය මණ්ඩල නේවාසිකාගාරය, ධීවර පරීක්ෂක හා වෙරළාරක්ෂක බලකාය සඳහා කාර්යාල නවාතැන් පහසුකම් සහ වතුර ටැංකි ඉදිකිරීම සිදු කරයි.
ව්‍යාපෘති වටිනාකම : රු.මි. 1,200
භෞතික ප්‍රගතිය :
පාරිසරික බලපෑම් වාර්තාව සඳහා අනුමැතිය ලැබු පසු ඉදිකීරිම් සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරිමට නියමිතය
මාවැල්ල නැංගුරම්පල ඉදිකිරිම
260 m දිගැති දියකඩනය ඉදිකිරීම හා වෙරළාශ්‍රිත දියකඩනයන් 2ක් ඉදිකිරීම
ව්‍යාපෘති ආරම්භය : 2020.10.20
ව්‍යාපෘති අවසානය (අපේක්ෂිත) : 2022.10.31
ව්‍යාපෘති වටිනාකම : රු.මි.379.8
ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රගතිය :
අවුරුද්ද | මුල්‍ය ප්‍රතිපාදන රු.මි. | වියදම රු.මි. | සටහන |
2020 | 80.5 | 30.1 | |
2021 | 150 | 145.14 | |
2022 | 117 | 68.54 | 31.12.2022 දිනට අතැති බිල්පත් රු.මි.0.32 |
භෞතික ප්‍රගතිය :
“රාජ්‍ය වියදම් පාලනය කිරීම” මැයෙන් 2022.04.26 දිනැතිව නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 හි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව අංක 03 යටතේ දක්වා ඇති උපදෙස් පදනම් කර ගනිමින් හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව විසින් ඉදිකීරිම සිදු නොකර වෙරළෙහි ස්වභාවය අධීක්ෂණය කිරිම සිදුකරන ලෙස දන්වා ඇත.
මාවැල්ල නැංගුරම්පල ඉදිකිරීම් ව්‍යාපෘතියේ දියකඩනය ඉදිකිරීම් භෞතික ප්‍රගතිය 100 % කි.
කලමැටිය ධීවර වරාය ඉදිකිරීම
කලමැටිය ධීවර වරාය ඉදිකිරීම 2014.07.14 වන දින ආරම්භ කරන ලද අතර, දැනට මෙම ව්‍යපෘතියේ භෞතික ප්‍රගතිය 100%ක් වේ.මෙම ව්‍යාපෘතියේ මුලික වටිනාකම රු.මි. 1,280.79 කි.
මෙම ධීවර වරායේ මුලික කොන්ත්‍රාත්තුවේ නොමැති එහෙත් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වැඩවලට අදාළ ඉදිකිරීම් කර ඇත. 2022.06.18 දින මෙහෙයුම් කටයුතු සඳහා ධීවර වරාය නිතීගත සංස්ථාවට භාරදී ඇත.
රැකව නැංගුරම්පල ඉදිකිරිම
300m දිගැති දියකඩනය ඉදිකිරීම හා ඛාදන වාරකය (Groyne) ඉදිකිරීම
ව්‍යාපෘති ආරම්භය : 2020.10.20
ව්‍යාපෘති අවසානය (අපේක්ෂිත) : 2022.11.08
ව්‍යාපෘති වටිනාකම : රු.මි. 490 ( සංශෝධිත )
ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රගතිය :
අවුරුද්ද | මුල්‍ය ප්‍රතිපාදන රු.මි. | වියදම රු.මි. | සටහන |
2020 | 81.5 | 65.42 | |
2021 | 215 | 198.73 | |
2022 | 150 | 107.26 | 31.12.2022 දිනට අතැති බිල්පත් රු.මි.1.40. |
භෞතික ප්‍රගතිය :
රැකව නැංගුරම්පල ඉදිකිරිම ඉදිකිරීම් ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 100% කි.
ඕලුවිල් ධීවර වරාය
ඕලුවිල් ධීවර වරාය 2013 වර්ෂයේ ආරම්භ කරන ලද අතර වරාය වසර 09 ක පමණ කාලයක් අඛණ්ඩව භාවිතයට ගෙන නොමැති අතර අදාල යටිතල පහසුකම් ඉදිකිරීම ජාතික ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරන ලද අතර, එහි ධීවර යටිතල පහසුකම් ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඉදි කර නඩත්තුව හා සේවා සම්පාදනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සිදු කර ඇත.
2021.08.23 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දෙන ලද අංක අමප/21/1574/311/023 හා 2021.09.22 දිනැති තීරණයට අනුව, ඔළුවිල් වරායේ ධීවර යටිතල පහසුකම් ධීවර අමාත්‍යාංශයට පවරා ඇත. ඉදිකිරීමෙන් අනතුරුව අඛණ්ඩ වසර 09කට අධික කාලයක් මුළුමනින්ම අත්හැර දමා ඇති මෙම පිරිසැකසුම් ඒකකය නැවතත් මෙහෙයුම් තත්ත්වයට ගෙන, ආදායම් උත්පාදනයට සහ නව රැකියා අවස්ථා ඇති කිරීමට භාවිත කිරීම ජාතික අවශ්‍යතාවයකි
රජයේ ප්‍රතිපත්තියට අනුකූලව රජයට වැය බරක් නොවී, මෙම ධීවර වරාය පරිශ්‍රයේ ඇති යටිතල පහසුකම් සංවර්ධනයට සුදුසු ආයෝජකයින් තෝරාගෙන ඵලදායී ලෙස යොදා ගැනීමට හා මෙහෙයුම් කටයුතු යලිත් ආරම්භ කිරීමට නියමිතය.
මත්ස්‍ය පිරිසැකසුම් ඒකක
2013 වර්ෂයේ වැඩ අවසන් කරන ලද මෙම පිරිසැකසුම් මධ්‍යස්ථානයේ සියළුම යන්ත්‍රෝපකරණ කල් ඉකුත්ව හෝ අබලන්ව ඇති අතර, නිෂ්පාදන කටයුතු සඳහා ඒවා පිළිසකර කළ යුතු වේ. මෙම මත්ස්‍ය පිරිසැකසුම් ඒකකයේ වූ යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, නව යන්ත්‍ර සූත්‍ර ස්ථාපනය කිරීම හා නිෂ්පාදනය ආරම්භ කිරීමට මෙරට ප්‍රමුඛතම දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වන ටෙස් පුද්ගලික සමාගම (TESS (Pvt) Ltd) වෙත වසර 10ක කාලයක් සඳහා බදු පදනමින් ලබා දීම සිදු කර ඇත.ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව තම ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යමින්, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, අපනයනය තුළින් විදේශ විනිමය ඉපැයීම, මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වේ.
මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම
2014 වසරේ මෝය කට වැලිවලින් වැසී යෑම හේතුවෙන් මේ දක්වා ධීවර වරාය පූර්ණ වශයෙන් භාවිතයට ගැනිමට නොහැකිව ඇත. එසේම ඔලුවිල් ධීවර වරායේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සී/ස අම්පාර දිස්ත්‍රික්කයේ ගැඹුරු මුහුදු යාත්‍රා හිමියන්ගේ ධීවරයින්ගේ සමුපකාර සමිතිය යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව ඇගයීමට කමිටුවක් පත් කර නිර්දේශ වාර්තාවක් ලබා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. ඒ අනුව, එකී යෝජනාව සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන්ම එම සමිතිය ප්‍රදේශයේ ධීවර ජනතාව නියෝජනය කරන ප්‍රජා පාදක සමිතියක් වීම යන කරුණ සැලකිල්ලට ගෙන, විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමට යටත්ව, ඔලුවිල් ධීවර වරායේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු නිශ්චිත කාලසීමාවක් සඳහා සී/ස අම්පාර දිස්ත්‍රික්කයේ ගැඹුරු මුහුදු යාත්‍රා හිමියන්ගේ ධීවරයින්ගේ සමුපකාර සමිතිය වෙත ලබාදීම සුදුසු බව අමාත්‍යාංශ ලේකම් වෙත නිර්දේශ කිරීම සඳහා වන කමිටු වාර්තාවේ අවසන් කෙටුම්පත සකස් කරමින් පවතී.
වරාය ආශ්‍රිතව සිදු කළ යුතු සංවර්ධන ව්‍යාපෘති හා අවශ්‍යතා හදුනාගෙන ඇති අතර, එම සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාවට නැංවීම පිණිස අභිලාශ කැඳවීමේ කාර්යයන් සිදු කිරීම නියමිතය.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - (සංවර්ධන අංශය)
නම - එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න මහතා
තනතුර - අතිරේක ලේකම් (සංවර්ධන)
විද්‍යුත් ලිපිනය - kapilajb[at]gmail.com
දුරකථන අංකය - +94 112 446 202
නම - ඉංජි. කේ.කේ.ඒ. පියසේන මහතා
තනතුර - අධ්යක්ෂ ජනරාල් (ඉංජිනේරු)
විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන අංකය - +94 112 329 979
ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම
නම - ඩබ්.එම්.ආර්.ඩී.පීරිස් මහතා
තනතුර - සහකාර ඉංජිනේරු
විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන අංකය - +94 112 322 416
නම - ඒ.ජී.ඩී.එච්.ජයවර්ධන මෙය
තනතුර - සංවර්ධන නිලධාරී
විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන අංකය - +94 112 441 537