පාලන අංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණය හා සංවර්ධනය පිළිබඳ වගකීම හා ප්රමුඛ කාර්යභාරය පැවරී ඇත්තේ මෙම අංශය වෙතය. අමාත්‍යාංශයේ විෂයගත ධීවර කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය හා ධීවර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා පැවරී ඇති වගකීම් හා කාර්යභාරය සහ මිරිදිය මසුන් හා විසිතුරු මසුන් ඇති කිරීම හා එම ක්ෂේත්‍ර වල වැඩිදියුණු කිරීමට ආදාල සුවිශේෂී කාර්යභාරය ඉටු කිරිම සඳහා සුදුසු නිලධාරීන් යෙදවීම, වෘත්තිමය හා ආයතනික පුහුණුව, පරිපාලනය ඇතුළු මානව සම්පත් සංවර්ධනය හා කාර්යමණ්ඩලයට තම රාජකාරී වගකීම් නිරවුල් මනසකින් යුතුව ඉටු කිරීමට සුදුසු කාර්යාලීය පරිසරයක් ඇති කරලීමට උපකාරී වන අමාත්‍යාංශයේ සන්නිවේදන, ප්‍රවාහන, ආරක්ෂක, නඩත්තු, සනීපාරක්ෂක ආදී වු පහසුකම් සැපයීමට අදාල කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවයි. මීට අමතරව අමාත්‍යාංශයට අනුබද්ධිතව පිහිටුවා පවත්වාගෙන යනු ලබන ආයතන වල පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීම කරනු ලබන්නේ මෙම අංශයයි.
සංවිධාන ව්‍යුහය
මුදල් අංශය
රටේ ජාතික සංවර්ධනයට උර දෙමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව, නෛතික රාමුව තුල සිටිමින් සඵලදායි ලෙස මූල්‍ය කළමණාකරණය සිදු කිරීම අපගේ අරමුණයි. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම උදෙසා අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හා එක්ව ඒවායේ වැය දැරීමත්, නිසි පරිදි විගණනයන් සිදු කිරීමත්, මගින් වඩා සාධනිය ලෙස ගිණුම් පවත්වා ගැනිමද අපගේ අපේක්ෂාවයි.
අමාත්‍යාංශයට අදාළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු හැකිතාක් දුරට සම්පුර්ණයෙන් නිවැරදිව හා සකසුරුවම් සහ කාර්යක්ෂමතාවය ගැන නිසි සැලකිල්ලකින් යුතුව පිළියෙල කරනු ලබන අතර අනුමත ප්‍රතිපාදන ප්‍රමාණය ළුලදායීව සංවර්ධනය සදහා යෙදවීමටද කටයුතු කරන්නෙමු. නිසි පරිදි පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා සහ පොදු ව්‍යාපාර කාරක සභාවල විමසුම් වලට පිළිතුරු සැපයීම හා ඒවායේ පරීක්ෂණ කටයුතු වලට සහභාගි වීම තුලින් විනිවිදභාවයකින් යුක්තව කටයුතු කිරීමටද අප බැඳි සිටිමු.
සංවිධාන ව්‍යුහය
සැලසුම් හා අධීක්ෂණ අංශය
රටේ ජාතික සංවර්ධන ප්රතිපත්තීන්හි අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමේ අභිලාෂයෙන් යුතුව සම්පාදිත ජාතික සැලැස්මට ධීවර හා ජලජ සම්පත් අංශයෙන් ලබාදිය යුතු නිසි දායකත්වය උපරිම වශයෙන් ලබාදීම සඳහා අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය.
මෙම සම්පාදිත ප්‍රතිපත්ති කාර්යක්ෂම හා ඵලදායී ලෙස සාධනයට අවශ්‍ය වැඩසටහන් ප්රමුඛත්වයෙන් යුතුව පෙළගස්වමින් ධීවර හා ජලජ සම්පත් අංශය හා සම්බන්ධිත මූල්‍ය සහ භෞතික සම්පත් මනා කළමනාකරණයකින් යුතුව උපරිම පරිදි ප්රශස්ත අයුරින් භාවිතා කරමින්, එම වැඩසටහන් සඳහා සුදුසු ව්‍යාපෘති ප්‍රමුඛතා පදනම මත හඳුනාගැනීම හා ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය සුදුසු ක්රමෝපායන් සම්පාදනය.
එම ව්‍යාපෘති නිසි භෞතික හා මූල්‍ය කළමනාකරණයකින් යුතුව කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක සැලසුම් සකස් කරලීමත්, එම සැලසුම් මත පදනම්ව අදාළ ඉලක්ක සපුරාගැනීම සඳහා වූ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව අධීක්ෂණයට ලක්කරමින් ඒවායේ ප්‍රගතිය හා එහි අපේක්ෂිත ප්‍රතිඵල සතිමය, මාසිකව, කාර්තුමය හා වාර්ෂිකව සමාලෝචනයට ලක් කරමින් නිසි ක්‍රියාකාරීත්වයට බාධාකාරී වූ ගැටළු, බාධක, අභියෝග හඳුනාගනිමින් ඒවා ජය ගැනීම උදෙසා අවශ්‍ය නිසි ක්රමෝපායන් හඳුනා ගැනීම හා ක්රියාවේ යෙදවීම තුළින් අපේක්ෂිත ඉලක්ක සාධනයට දායකත්වය සැපයීම.
ධීවර හා ජලජ සම්පත් අංශයේ අපේක්ෂිත ඉලක්ක සාධනය තුළින් ලබන ප්‍රතිඵලයන්හි දායකත්වය රටේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය උදෙසා උපරිම පරිදි ලබාදෙමින් ජාතික ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයන අංශයක් බවට ධීවර හා ජලජ සම්පත් අංශය පත්කරලීමේ අභිලාෂය සාර්ථක කරගැනීම තුළින් රටේ සංවර්ධනය උදෙසා උපරිම දායකත්වය ලබාදීම.
සංවිධාන ව්‍යුහය
තාක්ෂණ අංශය
රටේ ජාතික සංවර්ධන ප්‍රතිපත්ති මගින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට, මනාවු දායකත්වය ලබාදිය හැකි ධීවර ක්ෂේත්රයට අදාළ දේශීය හා විදේශීය ආයෝජන වර්ධනය කරලීමට අවශ්‍ය අවකාශය සඳහා ඉඩ ප්රස්ථා සලසාලමින්, වඩාත් සුදුසු වු ව්‍යාපෘති ආරම්භ කිරීමට දිරිමත් කිරීම හා එම ව්‍යාපෘති සඳහා පවත්නා රාජ්‍ය ප්‍රතිපත්ති පදනම් කොටගෙන වඩාත් සුදුසු වු ආයෝජන ක්‍රමවේදයන් නිර්දේශ කරමින්, කාර්යක්ෂම හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කීරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේ කාර්යභාරය ඉටුකරමින් උපරිම ප්රතිලාභ ලැබෙන පරිදි කටයුතු කිරීම.
අන්තර්ජාතික මත්ස්‍ය හා ජලජීවී අපනයන ක්ෂේත්රයේ අභියෝග ජය ගනිමින්, රටට හා ධීවර ජනතාවට උපරිම වාසි සැලසෙන පරිදි අන්තර්ජාතික මත්ස්‍ය හා ජලජීවී අපනයන ප්‍රවර්ධනය දිරිගැන්වීම උදෙසා අවශ්‍ය සියළු පියවර ගැනීම තුළින්, මත්ස්‍ය හා ජලජීවී වගා අපනයන වෙළඳපොළ පුළුල් කරගැනීම හා ඒ තුළින් අපනයන ආදායම වර්ධනය කර, රටේ විදේශ විනිමය වර්ධනයට දායකත්වට සැපයීම.
ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කරලීමේ ප්රමුඛ පරමාර්ථයෙන් යුතුව හා ප්‍රති අපනයන කටයුතු උදෙසා මත්ස්‍ය හා ජලජීවී නිෂ්පාදනට මෙන්ම ධීවර ක්ෂේත්රයේ වර්ධනයට අවශ්‍ය සියලු උපකරණ ආනයනය කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශය හා ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව පවත්වාගෙන යාමේ කාර්යභාරය ඉටුකිරීම.
රටට හා ධීවර ක්ෂේත්රයට වාසිදායක වන ද්විපාර්ශික ගිවිසුම් සම්පාදනය හා සහජ ක්‍රියාකාරීත්වය සුපරීක්ෂණය කරමින් ධීවර ක්ෂේත්රයේ වර්ධනයට දායකත්වය සැපයිය හැකි සහයෝගිතා සංවිධාන, අන්තර් රාජ්‍ය ධීවර සංවිධාන, මෙන්ම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මුහුදු ප්රඥප්තියට අදාළ කටයුතු මනාව සංවිධානකරණය කරමින්, ඒ තුළින් ධීවර ජනතාව ඇතුළු සමස්ථ රටවැසියන්ගේ යහපත උදෙසා කටයුතු කිරීමේ කාර්යභාරය මනාලෙස සම්බන්ධීකරණය කර, පවත්නා අන්තර්ජාතික අභියෝග ජයගැනීමට අවශ්‍ය ක්‍රමෝපාය සකස් කර ගැනීමට මංපෙත් විවර කිරීම තුළින්, ධීවර ජනතාව ඇතුළු සමස්ත රටවැසියන්ගේ යහපත උදෙසා කටයුතු කිරීමේ අභිලාෂය.
සංවිධාන ව්‍යුහය
සංවර්ධන අංශය
සෘජුවම ධීවර කර්මාන්තයේ නියුක්ත වන ධීවර කාර්මිකයින්ගේ හා ඒ ආශ්රිත රැකියාවන්හි නියුක්ත වන පිරිස් මෙන්ම ධීවර කර්මාන්තය ආශ්‍රිතව වක්‍ර රැකියාවන්හි යෙදෙන පිරිසද ඇතුලත් සමස්ත ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම ධීවර සමාජ සංවර්ධන අංශයේ කාර්යයභාරයයි. ඒ සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු සම්පාදනය, යෝජනා ලබා ගැනීම, සැලසුම් කිරීම, ප්‍රමුඛතා හඳුනාගැනීම, ප්‍රතිපාදන සම්පාදනය කිරීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා ඇගයීම, ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් කිරීමේ කාර්යයන් මෙන්ම අදාළ සංවර්ධන යෝජනා තිරසාර ලෙස පවත්වාගෙන යාමේ වගකීම ද මෙම අංශයට පැවරී ඇත.
.
සංවිධාන ව්‍යුහය
අභ්‍යන්තර විගණන අංශය
අමාත්‍යංශයට අදාල හා අමාත්‍යංශය විසින් භාරගන්නා ලද කාර්යයන්ගේ මුදල් කටයුතු පිළිබඳව පවත්වන අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගි වි එම කටයුතුවල, වැරදි සහ වංචා වැලැක්විම සහ අනාවරණය කර ගැනිමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත් බව හා ප්‍රමාණවත් බව පිළිබඳ පරීක්ෂා කිරීම සහ ඇගයිම් සිදුකර ප්‍රධාන ගණන්දිමේ නිළධාරියාට වාර්තා කිරීම ද, අමාත්‍යංශයට අයත් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිශ්චය කිරීමට ගණන්දිමේ නිළධාරියාට වාර්තා කිරිමෙන් සහය විම හා අවශ්‍ය අවස්ථාවලදි මෙම කර්තව්‍යයන්හි නිරත අයවලුන් සහ ප්‍රධාන ගණන්දිමේ නිළධාරියා අතර සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කිරීම.
ඉංජිනේරු අංශය
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හෝ අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල ඉංජිනේරුමය ක්‍රියාකාරකම් අධීක්ෂණය හා පසු විපරම් කිරීම ඉංජිනේරු අංශයේ වගකීමයි. එයට පහත සඳහන් කරුණු ඇතුලත් වේ.
- ව්‍යාපෘති සැලසුම් අදියරේදී ශක්‍යතා අධ්‍යයන වාර්තා, තාක්ෂණික යෝජනා, පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා, මුලික පාරිසරික පරීක්ෂණය ආදිය ලබාගැනීම සහ ඇගයීම.
- සියලු ඉදිකිරීම්වල තත් පරීක්ෂණ පැති පසු විපරමට ලක් කිරීම.
- කෙරෙමින් පවතින ඉදිකිරීම් ව්‍යාපෘතිවල මුල්‍ය පාලනය සහ අතුරු හා අවසාන ගෙවීම් සහතික අනුමත කිරීම.
- කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාරව ඉදිකිරීම් බිමෙහි සහ අනපේක්ෂිත තත්වයන් මත මුලික සැලසුම් වල විචලනයන්ට හා යථාවත් කිරීම්වලට නිරතවීම.
- උපදේශන, ඉදිකිරීම්, සේවාදායක හා වෙනත් අදාළ ආයතන අතර සම්බන්ධීකරණය.
- ඉදිකිරීම් අතරතුර හෝ ඉදිකිරීම්වල ඉදිරියේදී අවධානමට ලක්විය හැකි අවස්ථා සම්බන්ධයෙන් සුදුසු විසදුම් හෝ අවධානම අවම කිරීමේ පියවර නිර්දේශ කිරීම.
සංවිධාන ව්‍යුහය
සංඛ්‍යාලේඛන අංශය
අමාත්‍යාංශයේ අරමුණු ඉටුකර ධීවර හා ජලජ සම්පත් වල නිසි කළමණාකරණය සහිතව ධීවර කර්මාන්තයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම් සැකසීමට, ඒවායේ ප්‍රගතිය මැන බැලීමට මෙන්ම ජාතික සහ අන්තර්ජාතික ඇස්තමේන්තු සහ දර්ශක සැකසීමට අවශ්‍ය දත්ත එක් රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම කරනු ලබනනේ මෙම අංශයයි.