en banner

WhatsApp Image 2026 01 28 at 13.21.33කෝටි 14ක වටිනාකමින් යුත් මොරිෂස් රාජ්‍යයට යැවීමට නියමිත යාත්‍රාව නිරීක්ෂණය කෙරේ

මෙරට නිෂ්පාදිත ධීවර යාත්‍රා විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීම දිරිගැන්වීම සහ එම කර්මාන්තයේ ගැටලු සොයා බැලීම වෙනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගිය 26 වන දින දික්ඕවිට වරාය පරිශ්‍රයේ පිහිටි 'නෝර්ත් වෙස්ට් මැරීන් ලංකා' (Northwest Marine Lanka Pvt Ltd) යාත්‍රා නිෂ්පාදනාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාව සඳහා ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.

මෙහිදී විදේශ රටවල් සඳහා අපනයනය කිරීමට නිෂ්පාදනය කරමින් පවතින යාත්‍රා කිහිපයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. විශේෂයෙන්ම, නුදුරු දිනකදී මොරිෂස් (Mauritius) රාජ්‍යය වෙත භාර දීමට සූදානම් කර ඇති, සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රුපියල් මිලියන 140ක (කෝටි 14ක) වටිනාකමින් යුත් නවීන ධීවර යාත්‍රාව පිළිබඳව එතුමා විශේෂ අවධානයක් යොමු කළේය. ෆයිබර් ග්ලාස් යාත්‍රා නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනයක් ලෙස උසස් තාක්ෂණය භාවිත කරමින් සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය එතුමාගේ පැසසුමට ලක්විය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා:

"රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) ගෙන ඒම සඳහා දායක වන මෙවැනි දේශීය නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීම අප රජයේ ප්‍රමුඛතාවයක්. මෙම කර්මාන්තය නඟා සිටුවීම සඳහා ධීවර හා සාගර සම්පත් අමාත්‍යාංශයෙන් ලබා දිය හැකි සෑම උපකාරයක්ම සහ සහයෝගයක්ම ලබා දීමට අපි පොරොන්දු වෙනවා."

රාජ්‍ය ආයතන හරහා සිදුවන ඇතැම් පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් ව්‍යාපාරික කටයුතුවලදී යම් යම් පාඩු සහ බාධා සිදුවන බව නිෂ්පාදන සමාගමේ කළමනාකාරීත්වය විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සියලුම ආයතන සමඟ සාකච්ඡා කර, පවතින ක්‍රියාපටිපාටීන් කාර්යක්ෂම කිරීමටත්, අනවශ්‍ය ප්‍රමාදයන් මඟහරවා කටයුතු ඉක්මන් කිරීමටත් අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවයි.

මෙම අවස්ථාවට නෝර්ත් වෙස්ට් මැරීන් ලංකා ආයතනයේ කළමනාකාරීත්වය සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 01 28 at 13.21.33 1

WhatsApp Image 2026 01 28 at 13.21.34

WhatsApp Image 2026 01 28 at 13.21.35

WhatsApp Image 2026 01 28 at 13.21.35 1

Youtube