Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
29 September 2026
වාලච්චේන ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ නිරීක්ෂණයට...

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් වෙන් කරන ලද රුපියල් මිලියන 1134 ක ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කටයුතු සිදු වෙමින් පවතින වාලච්චේන ධීවර වරාය ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (29)  නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

 

විශේෂයෙන්ම, වරාය ජැටි ප්‍රවේශ මාර්ගය, ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සහ ඊට සමගාමීව සිදු කෙරෙන සෙසු ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදී.එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යතුමා වරාය පරිශ්‍රයට පැමිණ සිටි ධීවර ප්‍රජාව හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ධීවර කර්මාන්තයේදී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විමසා බැලූ අතර එම ගැටළු කඩිනමින් විසඳීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි සිටි අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට ද කටයුතු කළේය.

 

මෙම අවස්ථාව සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු), වාලච්චේන ධීවර වරායේ කළමනාකාර ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ධීවර නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

 

දේශීය ධීවර කර්මාන්තය නඟා සිටුවමින්, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙලෙහි තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

Latest News