mini douglas devanandaඉන්දීය ධීවරයන් බලහත්කාරයෙන් උතුරු මුහුද ආක්‍රමණය කිරීම නිරීක්ෂණය කිරීම සඳහා “මුහුදු ආරක්ෂකයන්” නමින් ස්වේච්ඡා බළසේනාවක් ස්ථාපිත කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය විසින් 2024/03/18 දින අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කරන ලදි.

උතුරු පළාත් මුහුදු තිරයේ ඉන්දිය ධීවර යාත්‍රා පැමිණිම නිසා උතුරේ  ධීවරයන්ට නොයකුත් ගැටලු වලට මුහුණ දිමට සිදුවන බැවින් ඒවා වැලැක්විමට මෙම සංදේශය ඉදිරිපත් කල බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරන ලදි.

ඉන්දිය ධීවරයන්ගේ පැමිණිම වැලැක්විමට අපේ ධීවරයන් විවිධ උත්සාහයන් දරණ බවත්, ඒ අයගේ උත්සාහ වලට සහාය දිම වෙනුවෙන් මෙම ස්වේච්ඡා සාගර බළසේනා ව්‍යපෘතිය හඳුන්වා දෙන බවත් එතුමා පැවසිය.

ස්වේච්ඡා බළකාය සඳහා තරුණයන් තෝරාගැනීමේදී උතුරේ ධීවර සංගම්හි පවුල්වල තරුණයන් තෝරා ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය. මේ අතර ඉන්දිය ධීවර යාත්‍රා ශ්‍රි ලංකා මුහුදු තිරයට පිවිසිම නිසා උතුරේ ධිවරයන්ගේ ජිවනනෝපායට ද දැඩ් බලපැම් එල්ල වී තිබේ.

අවම වශයෙන් දිනකට ඉන්දීය යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් උතුරු මුහුදට පැමිණ, සැම ඉන්දිය ධීවර යාත්‍රාවකින්ම Kg 1000 අධික මත්ස්‍ය ප්‍රමාණයක් බලහත්කාරයෙන් නෙලාගැනීම නිසා උතුරේ ධීවරයන්ට දිනකට රු. මිලියන 350කට වැඩි මුදලක් අහිමි වී යන බවද  පැවසීය.

සතියකට එනම්, දින 3කට සමාන්‍යයෙන් ඉන්දිය ධීවර යාත්‍රා 900 වැඩි ප්‍රමාණයක් උතුරේ මුහුදු තීරයට පිවිසෙන බවද එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ පෙන්වා දි ඇත.

නවතම පුවත්

Youtube