mini 3ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් බහුදින යාත්‍රා හිමිකරුවන් හා අපනයන කරුවන්ගේ සමිති සමග සාකච්ඡාවක් 2024.03.18 වන දින ධීවර අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. 

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, මුදල් අමාත්‍යංශය, ආදායම් බදු දෙපාර්තුමෙන්තුව යන අංශවල නිලධාරින්ද මෙම සාකච්ඡාවට සහභාගි විය.ඉදිරි කාලයේ දි ඉන්ධන වලට වැට් බදු සහනයක් ලබා දිම සඳහා, සුදුසු ක්‍රියා මාර්ග සකස් කොට මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යංශයේ ලේකම් ඇතුලු  නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුනි.

මෙහිදි අදහස් දැක් වු බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ නිලධාරින්, වැට් බදු ඉහලයාම හා ඉන්ධන මිල වැඩිවිම නිසා තමන් විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන බවයි. ඉන්ධන හා වැට්බදු වැඩි විමට ප්‍රථම බහුදින යාත්‍රාවක් මුහුදට දියත් කිරිමට ලක්ෂ 25 ක මුදලක් වියදම් වුවද, දැන් ලක්ෂ 60 ක් දක්වා මෙම මුදල ඉහල ගෙස් ඇති බවද සංගම් නියෝජිතයන් පැවසිය. තවද එම වකවානුවේ ටුනා මත්ස්‍ය Kg 1 රු. 2000 /= මිලකයට අලෙවි වුවද දැන් එයට ලැබෙන්නේ රු 1400/= වැනි අඩු මුදලක් බැවින් ධීවර කර්මාන්තය නවතාලන තත්ත්වයට පැමිණ ඇති බවද ඔවුන් ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වු මත්ස්‍ය අපනයනකරුවන්  පෙන්වා දුන්නේ, මාලදිවයින, ඉන්දියාව වැනි රටවල් ටුනා මත්ස්‍යයන් අඩු මිලට අපනයන කිරිම නිසා තමන්ගේ මත්ස්‍යයන්ට අඩු ඉල්ලුමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙන ලදි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, ධීවරයන් මුහුණ දෙන තත්ත්වය පිලිබඳව තමන්ට සහ රජයට අවබෝධය තිබෙන බවත්, මේ සදහා ඉතා ඉක්මණින් විසදුම් ලබා දිමට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට ක්‍රියා කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ, දේශිය ආදායම් බදු දෙපාර්තුමෙන්තුවේ, ආයොජන මණ්ඩලයේ උසස්  නිලධාරින් හා ධීවර අමත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය හා ධීවර දෙපාර්තුමෙන්වේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා  ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

Youtube