DSC 0903අඩුවක් නොමැතිව සම්පත් ලබාදෙන මහ මුහුද අභියෝගද අඩුවක් නොමැතිව ලබා දෙන  බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කොළඹ පිහිටි සිනමන් ග්‍රෑන් හෝටලයේ දී 2024.03.15 වැනි දින පාත් පයින්ඩර් සංවිධානය හා මානුෂිය සාකච්ඡා පිලිබද මධ්‍යස්ථානයේ සංවිධානය කළ කාලගුණ විපර්යාස හා කළමනාකරන හා පොදු ප්‍රතිපත්ති පිළිබදව පැවති වටමේස සාකච්ඡාව ඇමතු අවස්ථාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, ලාංකික ධීවරයන් විශේෂයෙන් කුඩා පරිමාණ ධීවරයින් මුහුදේදි මුහුණපාන ඛේදවාචකයන් සම්බන්ධව මෙම සමුළුවේදි අවධානයට යොමු කිරීම ගැන ධීවර අමාත්‍යවරයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි. අපගේ රටට කීර්තිමත් හා පෞරාණික ඉතිහාසයක් පවතින බවත්, වැඩි වශයෙන් මත්ස්‍ය සම්පත අපගේ ධීවර ජනතාව ලබා දෙන නමුත් විවිධ අභියෝගයන්ටද අපගේ ධීවරයින් මුහුණ පෑමට සිදුවන බවද පැවසීය. මේ පිළිබදව විශේෂ අවධානයකින් ක්‍රියාකළ යුතු බවද පැවසීය. විශේෂයෙන් මසුන් වැඩි වශයෙන් ඇල්ලීම, මුහුදේ අධික උෂ්ණත්වයක් තිබීම, මුහුදේ වෙනස් වීම, දේශගුණය වෙනස් වීම, වාර්තා නොකළ නීති වීරෝධි පන්න ක්‍රම, ප්‍රධාන කොටස් වන බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) වර්තා අපට පෙන්වා දී ඇත. මේ නිසා අපගේ ධීවරයන්ගේ ජීවන උපායට හානියක් ඇති වනවා පමණක් නොව සාගර පැවැත්මටද හානි ඇති වනවා. මෙම ගැටළුව ජයග්‍රහණය කිරීමට නම්, ජලජීවි වගාව හා මුහුදු ජීවි වගාව හරහා මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවද එම නිසා මුහුදු ආහාර නිපදවීම වැඩි වී තිබෙන බවද පැවසීය.

මීට අමතරව, පසුගිය වර්ෂවල අපගේ ධීවර අංශය නොයෙකුත් මහා පරිමාණ ගැටළු වලට මුහුණ දී ඇති බවත්, විශේෂයෙන් උතුරු මුහුදේ ඉන්දීය බොටම් ට්‍රෝලර් යාත්‍රාවල නීති විරෝධි ක්‍රියාකාරිත්වය වැඩි වී තිබේ. මේ නිසා සාගරය විනාශ වීම, මුහුදු ජීවින් විනාශ වීම, මත්ස්‍යන්ගේ බිත්තර විනාශ වීම, කොරල්පර විනාශ වීම පමණක් නොව ශ්‍රී ලංකා ධීවරයන්ගේ ධීවර යාත්‍රා හා ධීවර උපකරන වලටද හානි ඇති වන බවද, මහා පරිමාණ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණීම නිසා ධීවරයින්ගේ ජීවන උපායද විනාශ වන බවත්, ඉන්දීය ධීවරයන් මසුන් හා ඉස්සන් පමණක් ඇල්ලීම තුළ මත්ස්‍ය පැටවුන්ද විනාශ වන බව පැවසීය.   

තවද, අප රට ඉන්දියන් සාගරයේ වැදගත් ස්ථානයක් තිබෙන නිසා, සාගරයේ ආරක්ෂාව පිළිබදව අභියෝග, නීති විරෝධි මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මුහුදු කොල්ලකෑම් වැනි තර්ජනවලට අපි මුහුණ දෙනවා. අවාසනාවන්ත විදියට මානව සම්පත් හා අනිකුත් සම්පත් අඩුවීම නිසා මේ පිළිබදව අපට හරියාකාරව ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. කාලගුණ විපර්යාසයද අප සාගරය ලක්වන තවත් අභියෝගයක්. මුහුදු මට්ටම වැඩි වීම නිසා අපගේ වෙරළබඩ සාගරය අයිනේ ජීවත්වන ධීවරයින්ද හානියට පත්වේ. සාගරයේ උෂ්ණත්වය වැඩි වීම, සාගරයේ තත්ත්වයට හානි ඇති කරයි. ස්ථිර ධීවර කටයුතු තහවුරු කිරීමටත්, මුහුදු ඛාදනය නැවැත්වීමටත් නිවැරදි ක්‍රියාකාරි සැළසුම් අවශ්‍යයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ කොදුනාරටිය ලෙස ධීවර අංශය පරිවර්තනය කිරීමට නිල් ආර්ථික ව්‍යාපෘතිය හඳුන්වා දීමට අපි ප්‍රථිපත්ති සකස් කර දි තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ විද්වත් කණ්ඩායමක්ද අප පත්කර තිබෙනවා. මේ අතර නීති විරෝධි ධීවර ක්‍රමය නවත්වා දැමීමට මාගේ අමාත්‍යාංශය නව ධීවර පනත් කෙටුම්පතක් සකස් කර ඇත. මෙම අභියෝග පරාජය කිරීමට නොහැකි දෙයක් නොවේ. සහයෝගයෙන් ක්‍රියා කිරීම හා ජාත්‍යන්තර සහාය ලබාගෙන යහපත් අනාගතයක් කරා අපි ඉදිරියට යා යුතුයි. රටවල් අතර සහයෝගය, දිරි ගැන්වීම, ස්ථිර ධිවර ක්‍රම හා නවීන තාක්ෂණය යොදාගැනීම වැනි ක්‍රම උපායන් අප හඳුනාගෙන තිබෙන බව පෙන්වා දිය යුතුයි. දුර දැක්ම හා කැපවීම තුළින් මෙම අභියෝග අපට ජයග්‍රහණය කල හැකියි. අපගේ සාගරය ආරක්ෂා කිරීම, ස්ථිර මුහුදු සම්පත් තහවුරු කිරීම, නව ක්‍රම ඇතුළත් කිරීම මගින් මෙම අභියෝග අපගේ යහපත් අනාගත අවශ්‍යතා ලෙස පත්කර ගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය. මෙම අභියෝග ගැන අවධානය යොමු කරන ලෙසද රැස්වීමට සහභාගි වුවන්ගෙන් ඉල්ලිමක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවේ ධීවර අමාත්‍යාංශය විසින් සකස්කළ නව ධීවර පනත් කෙටුම්පතේ පිටපතක් අමාත්‍යවරයා විසින් පාත් පයින්ඩර් ආයතනයේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතාට ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට පාත් පයින්ඩර් ආයතනයේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා, මානුෂිය සාකච්ඡා මධ්‍යස්ථානයේ දකුණු ආසියා සම්බන්ධීකරණ හේමන්ත් කටෝච් මහතා, අචාර්ය වසන්ත රත්නායක මහතා, ජේෂ්ඨ ආචාර්ය අශාන් විජේසිංහ මහතා ඇතුලු උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

DSC 0903

නවතම පුවත්

Youtube