miniඋතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් මිලියන 4900කට අධික  මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව පසුගියදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර ඇත.

මේ සමිබන්ධව අදහස් දැක්වු අමාත්‍යවරයා, අප රට විවිධ ආර්ථික ගැටලු වලට මුහුණදී තිබෙන මොහොතක ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හෙබි ආණ්ඩුව විසින් ගත් නිවැරදි තීරණ නිසා රට මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇත. එම නිසා විදේශ රටවල් සමග අපි පවත්වාගෙන යන යහපත් රාජතාන්ත්‍රික සම්බන්ධතා නිසා උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන් චීන සමුහ ආණ්ඩුව විසින් රුපියල් මිලියන 1500 ක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙන බව පැවසීය. මෙයින් රුපියල් මිලියන 500ක් නිවාස සදහාත්, තවත් රුපියල් මිලියන 500ක් ජනතා සහන සදහාත්, ඉතිරි මිලියන 500 ධීවරයන්ගේ දැල් ආම්පන්න ලබා දීම සදහාත් යොදා ගන්නා බව අමාත්‍යවරයා පවසන ලදි. විශේෂයෙන් මාර්තු 22වැනි දින ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සංචාරය කිරිමට නියමිත බවත්, එම අවස්ථාවේ මෙම ආධාර සදහා ගිවිසුම් අත්සන් කරන බව තමාගේ විස්වාසය බව ද පැවසීය.

මේ අතර ඉන්දීය රජය විසින්ද උතුරේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් ලබා දීමට කැමැත්ත පලකර ඇත. එම මූල්‍යාධාර සාගර පරික්ෂණ කටයුතු හා මහා පරිමාණ  කූඩුවල මත්ස්‍යන් වගාකිරීම සදහා ලබා දෙන බවද, ජපන් රජය විසින්ද උතුරේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 415 ක් ලබා දීමට නියමිත බවත්, මෙම ආධාර හරියාකාරව යොදාගෙන අපගේ ජනතාවගේ මෙන්ම රටේද යහපත සදහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

Youtube