DSC 0813 1මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගම් හා  බහු දින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග 2024.03.13 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි මෙම අදහස් ප්‍රකාශ කරන ලදි. තමන් අල්ලා ගන්නා මත්ස්‍යන් සදහා සාධාරණ මිලක් ලබා දිය යුතු බව බහු දින යාත්‍රා හිමිකරුවන් විසින් ඉල්ලා සිටින ලදි.

මේහිදි අදහස් දැක්වු සංගම් නියොජිතයන් ඉන්ධන, අයිස් හා  ධීවර ආම්පන්න මිල වැඩි විම, වැට් බද්ධ හා අතර මැදියන්ගේ මැදිහත් විම නිසා තමත් දැඩි ලෙස අසිරු තාවයන්ට  පත්වි ඇති බවත්, එම නිසා තමත් විසින් නෙලා ගන්නා ටුනා මත්ස්‍යයන් සදහා අඩුම වශයෙන් Kg 1 රු.2000/ මිලක් නියම කලයුතු  බවත් ඒ පිලිබදව පිළිගත් ප්‍රතිපත්තියක් හදුන්වා දිය යුතු බවද පවසන ලදි. තවද ඉන්ධන සදහා පනවන ලද වැට් බද්ධ නැවත ලබා ගැනිමට ක්‍රමයක් සකස් කලයුතු බවත් ඒ වෙනුවෙන් අපනයන කරුවන් හා බහු දින ධීවරයන් අතර ගිවිසුමක් ඇති කලයුතු බව ද පැවසිය.  වත්මන් තත්වය හමුවේ බහු දින ධීවර යාත්‍රා සිය ගණනක් මුහුදු නොයන නිසා මෙම තත්වය තව දුරටත් පැවතුන හොත් තමන්ට මෙම රැකියාවෙන් ඉවත් විමට සිදු වන බව පැවසන ලදි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වු මත්ස්‍ය අපනයන කරුවන්, ටුනා මත්ස්‍යයන් අපනයන කටයුතු පසු බෑමට ලක්වි ඇත්තේ මාලදිවයින හා ඉන්දියාව වැනි රටවල් දැනට ටුනා මස්‍යයන් අපනයන කරමින් පවතින බැවින් එම නිසා අපගේ ටුනා මස්‍යයන්ගේ මිල අඩු වි හා ඉල්ලුම පහල බැසිමින් පවතින නිසා බවද අත් දැකිම් අඩු පිරිස් මෙම ක්ෂේත්‍රයට පිවිසිම නිසා මෙම අංශය තවත් පසු බෑමකට ලක්ව තිබෙන බවද පැවසිය. ඉන්ධන මිල,අයිස් මිල,විදුලි මිල වැඩි විම ,ඩොලර් අගය පහත වැටිම ගුවන් තොටුපල ප්‍රමාද ගාස්තු වැඩිවිම වැනි කාර්යන් නිසා තමන්ද පසුබෑමකටලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙන ලදි.අපනයන සමාගම් සිය ගණනක් තිබුණද දැනට සක්‍රිය තත්වයේ පවතින්නේ ඉතාමත් සිමිත අපනයන සමාගම් කිහිපයක් බවද පැවසිය.

මෙම දෙපාර්ශයේම අදහස් වලට සවන් දුන් අමාත්‍යවරයා බහු දින ධීවර යාත්‍රා හිමි කරුවන් හා මත්ස්‍ය අපනයන කරුවන්යන දෙපාර්ශවයම ඉදිරිපත් කල කරුණු වලට ඇති සාධාරණිය බව තමාට වැටහෙන බවත්.මේ සම්බන්ධව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදායම් බදු දෙපාර්තුමෙන්තුව හා අදාල නිලධාරින් සමග සාකච්ඡා කොට විසදුමක් ලබා දිමට කටයුතු කරන බවත්, ධීවරයින් අපනයන කරුවන්ට ප්‍රමිතියෙන් යුතු මතස්‍යයන් ලබා දිය යුතු බවත් එලෙසම අපනයන කරුවන්ද ධීවරයන්ගෙන් සාධාරණ මිලට මත්ස්‍යයන් මිලදි ගැනිමට කටයුතු කලයුතු බවත් අක්‍රිය තත්වයේ පවතින අපනයන සමාගම් වල බලපත්‍ර අහෝසි කිරිම සම්බන්ධව සොයා බලා සුදුසු පියවර ගන්නා බවත් පැවසිය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධීවර අමාත්‍යංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුශා ගෝකුල මහත්මිය, ධීවර දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂක ජේනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු උසස් නිලධාරින් පිරිසක් සහභාගි විය.   

නවතම පුවත්

Youtube