WhatsApp Image 2024 03 14 at 10.15.57ධීවර ජනතාව සවිබල ගැන්විම උදෙසා, ධිවර අමාත්‍යංශය, සමාජ සවිබල ගැන්විම් හා සුභ සාධක අමාත්‍යංශය හා එක්ව ව්‍යපෘතියක් සකස් කිරිම සදහා මුලික සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා සමාජ සවිබල ගැන්විමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා අතර 2024.03.12 දින ධීවර අමාත්‍යංශයේ දී පැවැත්විය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රකාශ කර සිටියේ, අස්වැසුම වැඩපිලිවෙල යටතේ අස්වැසුම්ලාභීන් ලක්ෂ 12 ක් බල ගැන්විමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබාදි තිබේන බවත්, ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලෝක බැංකු ආධාර යටතේ වෙන් කොට තිබේන බවත්, ඒ අනුව ධීවර ප්‍රජාව බල ගැන්විම උදෙසා අවශ්‍ය වැඩ පිලිවෙලක් සිය අමාත්‍යංශ විසින් සකස් කර තිබේන බවත්, එයට ආදාලව ධීවර අමාත්‍යංශයේ ආයතනයන් මගින් ලබා දෙන උපදෙස් හා වාර්තාවන් අනුව එය ක්‍රියාත්මක කිරිමට බලා පොරොත්තු වන බවද පැවසීය.

මෙහිදි විශේෂයෙන් මිරිදිය ධීවර කර්මාන්තය නංවාලිම උදෙසා, මිරිදිය ජලාශවලට, ග්‍රාමිය ධීවර සංවිධාන හරහා ණය ලබා දිමට කටයුතු කල හැකි බවද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන් මත්ස්‍ය පැටවුන් මිරිදිය ජලාශ වල තැන්පත් කිරිම සදහා අවශ්‍ය අරමුදල්, සමිතිවලට ණය මුදල් හැටියට නිකුත් කල හැකි බවද පෙන්වා දුන්නේය. මෙම කරුණු සම්බන්ධව නැක්ඩා ආයතනයේ නිලධාරින්ගෙන් කරුණු විමසු අමාත්‍යවරයා, මේ සදහා සුදුසු වැඩපිලිවෙලක් සකස් කොට සිය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙරට ධීවර ක්ෂේත්‍රයේ නිරත පවුල් 280,000 කට අධික ප්‍රමාණයක් සිටින බවත්, කරදිය ධීවර දිස්ත්‍රික්ක ලෙස දිස්ත්‍රික්ක 15ක්  නම් කොට තිබෙන බවත්, මිරිදිය ධීවර කර්මන්තය ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක 24 පුරාම සිදු කරන බවත් පෙන්වා දුන්නේය. විශේයෙන් ධීවර ප්‍රජාව, ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ධීවර මහා සම්මේලනය හා ඊට අනුබද්ධිත දිස්ත්‍රික්ක ධිවර සංවිධාන හා ග්‍රාමිය ධීවර සංවිධාන තුල ධීවර අමාත්‍යංශය විසින් ධීවර ප්‍රජාව එකරාශී කොට තිබෙන බවත්, ග්‍රාමිය ධීවර සංවිධාන 1500 කට අධික ප්‍රමාණයක් තුළ ග්‍රාමිය  මට්ටමේ ධීවර ජනතාව සංවිධානය වි සිටින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම සංවිධාන හරහා ධීවර ජනතාව බල ගැන්විය හැකි බවද ප්‍රකාශ කලේය.

තවද, සමුපකාර ධීවර සංවිධාන හරහාද ධිවර ජනතාව සංවිධාන ගතවි ඇති බවද පෙන්වාදුන් අමාත්‍යවරයා, එම සමිති සමාජිකයින්, සමුපකාර දෙපාර්තුමෙන්තුවට හා පළාත් සමුපකාර කොමසාරිස් වරුන් හරහා සවිබල ගැන්විමට හැකි බවද පෙන්වා දුනි. මෙම වැඩපිලිවෙල සකස් කිරිම සදහා අවශ්‍ය යෝජනා සකස් කොට, සැලසුම් සකස් කිරිම සඳහා අමාත්‍යාංශයේ සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන බව ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සොමරත්න මෙනවිය ප්‍රකාශ කරන ලදි.

ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා විසින් ධීවර සම්මේලනයේ වියුහාත්මක රටාව පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදි.

මෙම සාකච්ඡාවට ධිවර දෙපාර්තුමෙන්තුවේ නිලධාරින්, නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසෝකා මහත්මිය, ධීවර අමාත්‍යංශයේ නිලධාරින් සහ සමාජ සවිබල ගැන්විම්  හා සමාජ සුභ සාධක රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ද සහභාගි වූහ.

WhatsApp Image 2024 03 14 at 10.15.58

 

නවතම පුවත්

Youtube