miniශ්‍රි ලංකා මුහුදු තීරයේ ධිවර කටයුතු කිරීමට ඉන්දිය ධීවරයන්ට අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා රාධා ක්‍රිෂ්ණන් මහතා සමග දුරකථනයෙන් අමතමින් ඒ මහතා කියා සිටියේ, මෙම ධීවර ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විසදුමක් ලැබෙන තෙක් යම් කිසි කාලසිමාවකට ලංකා මුහුදු තීරයේ ධීවර කර්මාන්තයට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම තරයේ ප්‍රතික්ෂප කිරිමට තමන් පියවර ගන්නා බවයි.

තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සම්පත් කොල්ල කැම සඳහා නොයෙන බවට ලබා දෙන පොරොන්දුවත් මත, ඉදිරි සාකච්ඡා වලට සහභාගි විම කෙරේහි අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා පැවසිය. මේ අතර  ශ්‍රි ලංකා ඉන්දිය ධිවර ගැටලුව විසදා ගැනිමට ශ්‍රි ලංකා රජය විසින් කරන ලද ඉල්ලිමට මේ වන තෙක් ප්‍රතිචාරයක් ලැබි නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි මහතා පවසා ඇත.

නවතම පුවත්

Youtube