WhatsApp Image 2024 03 11 at 10.31.29 AMනිල් ආර්ථික මුලධර්ම වලට අනුකූලව තිරසාරත්වය සහතික කරමින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාතික ආර්ථිකයේ ප්‍රධාන දායකත්වයක් දරණ ස්ථානකයක් ලෙස පරිවර්ථනය කිරීම උදෙසා ඉලක්ක සහිත නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ඉංජිනේරු මංගල පී. බී. යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේසඥ කම්ටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ.

මෙම කමිටුවේ සභාපති ලෙස ඉංජිනේරු මංගල පී.බී. යාපා මහතා පත් කොට ඇති අතර ඔහු ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වේ.

මෙම විශේසඥ කාරක සභාවේ ලේකම් ලෙස නාරා ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥ කේ. එච්. බණ්ඩාරනායක මහත්මිය පත් කොට ඇත. ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග, සුසන්ත කහවත්ත, නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජේ. එම්. අසෝකා මහත්මිය, නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් තෙන්කෝන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් 13 දෙනෙකු මෙම කමිටුවට පත් කර ඇත. ඔවුන් විසින් 2023.04.07 වන දින ධීවර අමාත්‍යාංශයේදී දැනට මෙම කමිටුව විසින් සකස් කර ඇති ජාතික ආර්ථිකයට ඉහල බලපෑමක් ඇති ධීවර කර්මාන්තය උපාය මාර්ග ප්‍රවේශය (උපාය මාර්ගික රාමුවක්) කෙටුම්පත් කොට එම කෙටුම්පත ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත හදුන්වාදීම සිදුවිය.

මෙම කෙටුම්පත ධීවර අමාත්‍යවරයාට හදුන්වා දෙමින් විශේසඥ කමිටුවේ සභාපති මංගල පී.බී. යාපා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජීවනෝපාය හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ධීවර අංශය විසින් සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, ශ්‍රී ලාංකිකයන්ගේ සත්ත්ව ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 50 % ක් මසුන්ගෙන් ලබා ගන්නා ගනී. එම අගය ගෝලීය සාමාන්‍යයට වඩා තුන් ගුණයකින් වැඩිය. කෙසේ වුවද, ජාතික ආර්ථිකයට ධීවර අංශයෙන් දැනට ලැබෙන්නේ මධ්‍යස්ථ දායකත්වයකි. ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න, මත්ස්‍ය හා ධීවර නිෂ්පාදනයන්හි මුළු ජාතික පරිභෝජනය අවශ්‍යතාවය සපුරාලීමට අපොහොසත්ය. මේ අනුව දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 70ක පමණ ආනයන අවශ්‍ය වන අතර, අපනයන තුළින් මූලික වශයෙන් යුරෝපා සංගමය සහ ඈත පෙරදිග තෝරාගත් රටවල් වැනි සීමිත වෙළඳපොලවල් ඉලක්ක කරගනිමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් උපයා ගනී. යුරෝපා සංගමයේ පොදු වරණීය ක්‍රමය (GSP+) යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ පැවතිය ද, අතීත අත්දැකීම් තුළින් සනාථව ඇති පරිදි,  GSP+ අත්හිටවූ තත්ත්වයක් උද්ගත වුවහොත් ප්‍රතිලාභ අඩුවීමේ අවදානමක් පවතී. සාම්ප්‍රදායික හා ගතානුගතික ධීවර ක්‍රම අනුගමනය කරන විශාල පිරිසක් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින නමුත් ඔවුන්ගේ ජීවනෝපාය තත්ත්වයද යහපත් නොවේ. සාගර ධීවර කර්මාන්තය සඳහා කුඩා ප්‍රමාණයේ, නොදියුණු, එමෙන්ම ෆයිබර් (වීදුරු මගින් සවිගන්වන ලද ප්ලාස්ටික්) (GRP) බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදා ගැනේ.

වෙරළ තීරය වටා පිහිටා ඇති ධීවර වරායන් 24 රජයේ අයිතිය හා මෙහෙයවීම යටතේ පවතින නමුත් මෙම වරායන් අපනයන වෙළෙඳපොළට සුදුසු දැඩි තත්ත්ව ප්‍රමිතීන්, එනම්, විශේෂයෙන්ම සුදුසු සනීපාරක්ෂක තත්ත්වයන් සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය වන නවීන තාක්ෂණ පහසුකම්වලින් තොරය. ජලජීවී වගාව, අපනයනය සඳහා ටූනා වර්ග සැකසීම සහ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම යන ක්ෂේත්‍රවල යම් ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබුණ ද, මෙම අංශය තුළ පෞද්ගලික ආයෝජන අවම මට්ටමක පවතී. මීට අමතරව බොහෝ සම්පත් අධි පරිභෝජනයටද ලක්ව ඇති අතර කළාපීය සංවිධාන වෙත ඉටු කිරීමට ඇති ජාතික වගකීම්වලට අනුකූලව සාගර පරිසර පද්ධතියේ තිරසාරභාවය නමැති කරුණ බරපතල අභියෝගයක් බවට පත්ව ඇත. සමස්තයක් වශයෙන්, මෙම අංශය අවදානම් තත්වයක පවතින අතර, දැඩි මැදිහත්වීමක් සිදු නොකළහොත් එහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නකාරී තත්වයක් උද්ගත වනු ඇත.

මේ පිළිබදව විශේසඥ කමිටුව ඇමතූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංවර්ධනය පිළිබද පැහැදිලි දැක්මක් ඇති පුද්ගයෙකු බවත් එතුමා මේ රට බරපතල ආර්ථික හා සාමාජීය අර්බුදයකට ගොදුරු වී සම්පුර්ණයෙන් විනාශ වීමට ගිය අවස්ථාවේ රට භාර ගනිමින් අයිස් පෙට්ටියක් ලෙස රෝද කැරකෙන්නේ නැති වාහනයක් මෙන් තිබූ රට යහපත්  රටක් බවට පත් කර ඇති බවද විශේෂයෙන් අපේ ආහාර සුරක්ෂිතතාව රැකගෙන රටට විශාල ආයෝජකයන් ගෙන ආ හැකි ධීවර කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට පත් කර ඇති මෙම කමිටුට සිය කාර්ය භාරය ඉතා කඩිනමින් අවසන් කර නිල් ආර්ථික මූලධර්මවලට අනුකූලව තිරසාරත්වය සහතික කරමින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාතික ආර්ථික වර්ධනයේ ප්‍රධාන දායකත්වය සපයන අංශයක් ලෙස පරිවර්තනය කොට 2030 වර්ෂය වන විට දළ දේශීය නිෂ්පාදිතයට 1.6% ක දායකත්වයක් (2015 ස්ථාවර වෙළඳපොළ මිල අනුව), සහ ඩොලර් බිලියන 1 ක වාර්ෂික අපනයන ආදායමක් උපයන කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබා දෙන බව තමන් විශ්වාස කරන බවද ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරී සෝමරත්න, ජනාධිපති අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

නවතම පුවත්

Youtube