WhatsApp Image 2024 03 04 at 14.10.59

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා අතර හමුවක් ධීවර අමාත්‍යාංශයේ පැවැත්විණි.

ධීවර අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නව ධීවර පනත් කෙටුම්පත පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර, එය මෙරට ධීවර ජනතාව උසස් ධීවර කර්මාන්තයක් සඳහා යොමු කරමින් ජාත්‍යන්තර ධීවර නීතිරීතිවලට අනුව සකස් කරන පනතක් බව අමාත්‍ය වරයා තානාපතිවරයා හමුවේ පෙන්වා දුන්නේය. මෙරට ප්‍රධාන ධීවර වරායන් කිහිපයක සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රංශ තානාපතිවරයා සමඟ සාකච්ඡා කළේය. විශේෂයෙන් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ මෙරට ධීවර ජනතාව බල ගැන්වීමට ප්‍රංශ රජයෙන් දිය හැකි ආධාර උපකාර උපරිමව දෙන ලෙසයි.

මේ අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

WhatsApp Image 2024 03 04 at 14.10.59

නවතම පුවත්

Youtube