1101 1පෙබරවාරි මස අවසානයේදි ලෝක වෙලද සංවිධානයේ (WTO) වෙළද අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වෙන අතර, ඒ සදහා අප රටේ වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඇතුලු වෙළද අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සහභාගි වේ.

මෙහිදි ලෝක ධිවර ජනතාවගේ සුභ සිද්ධිය සදහා යම් යම් තිරණ ගැනිමට අදාල යෝජනා එම සමුළුව වෙත ඉදිරිපත් කර තිබෙන බැවින්, ඒ පිලිබද සාකච්ඡාවක් 2024.01.12 දින වෙලඳ අමාත්‍යංශය හා ධීවර අමාත්‍යාංශය අතර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාවේදි අප රටේ ජිනිවා තනාපති වශයෙන් සිටින සමන්ත මහතා ZOOM තාක්ෂණය ඔස්සේ සහභාගි වෙමින් මෙම වෙළද සමුළුවේදි විශේෂයෙන් ලංකාවේ ධීවර කටයුතු පිලිබද සාකච්ඡා වන කරුණු රුසක් පිලිබදව ධීවර අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරින් දැනුවත් කලේය. ඉන් පසු මෙම නිලධාරින් ඇමතු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රි ලංකාවේ ධිවර ප්‍රජාව සුරක්ෂිත කොට ශක්තිමත් කිරිම සදහා සහනාධාර නොව ඒ සදහා ඔවුන් දිරිගන්වන වෙනත් වැඩ පිලිවේලවල් රැසක් තිබේන බවටත්, ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව තමා පසුගිය දා ජපානයේ පැවති සමුළුවකදි පෙන්වා දුන් අතර, ඒ ආකාරයෙන්ම එම ස්ථාවරයේ සිටිමින් මෙම සමුළුවේදි අප ක්‍රියා කලයුතු බවද ප්‍රකාශ කලේය. විශේෂයෙන් ගහණය හින වෙමින් පවතින ටුනා වැනි මාළු වර්ග පිලිබදව මෙම සුමුළුවේදි ගන්නා වු තිරණ අපරටේ ධීවරයන්ට අවාසි සහගත ආකාරයෙන් සම්මත විමට අප ඉඩ නොතබිය යුතුයි යන්න පැවසු අමාත්‍යවරයා, ගහණය වැඩි මාළු පිලිබදව හා ගහණය අඩු මාළු පිලිබදව තක්සේරු කිරිමට අවශ්‍ය සාගරය තුල කරන විද්‍යාත්මක පර්යේෂණ සදහා අපට සහය ලබාදෙන්නේ නම් ඒවා අගය කිරිමට පියවර ගන්නා බවද, මෙම සමුළුව සදහා සම්බන්ද වන වෙළද අමාත්‍යවරයා සහ වෙළද අමාත්‍ය ලේකම් ඇතුලු නිලධාරින්ට උපදේස් දුන්නේය. මෙහිදි අපේ මුහුදු සම්පත් පිලිබදව සහ  ධීවර කර්මාන්තය නගා සිටුවිම සදහාත් අපේ මත්ස්‍ය අපනයනයන් පිලිබදවත් ගතයුතු තිරණ රැසක් පිලිබදව සාකච්ඡාවට ලක්වුණි.

ලෝකය පුරා රටවල් සියල්ලගෙම වාගේ වෙළද අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගිවන අතර මෙහිදි සම්මතවන යෝජනා රටවල් 109 ට වැඩි පිරිසක් විසින් සම්මත කලහොත් ඒවා ජත්‍යන්තර නිතියක් බවට පත්වෙයි. එම නිසා සංවර්ධනය වන රටක් වශයෙන් මෙම සමුළුව පිලිබදව ඉතා සැලකිලිමත්ව කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා නිලධාරින් දැනුවත් කලේය .

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, වෙළද අමාත්‍යාංශ ලේකම්, ධීවර දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු අමාත්‍යාංශ දෙකෙහිම නිලධාරින් පිරිසක් සහභාගි විය.

නවතම පුවත්

Youtube