WhatsApp Image 2024 02 07 at 11.50.33

මුලතිව් ප්‍රදේශයේ මාදැල්  ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර සංගම්වල නිලධාරීන් පිරිසක් තම කර්මාන්තය කරගෙන යාමේදි පවතින ගැටළු පිළිබදව අමාත්‍යවරයා දැනුවත්කිරීම සදහා 2024.02.06 වැනි දින කොළඹ ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී සාකච්ඡාවක් කරන ලදි.

මෙම සාකච්ඡාවේදි ධීවර සංගම් නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද්දේ මාදැල් කර්මාන්තයේ යෙදීමට ශ්‍රමිකයන්ගේ හිගයක් පවතින බැවින් විංච් යොදා මාදැල් ඇදීමට අවසර ලබාදෙන ලෙසත්,තම තොටුපලයන්හි දැල් ආම්පන්න සකස් කර ගැනීමට ස්ථානයක් නොමැති වීම නිසා දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති බැවින් දැල් සැකසුම් ශාලාවක් හා තම සමිති පවත්වාගෙන යාමට කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසත්, කාලයෙන් කාලයට පැමිණේන සංක්‍රමණික ධීවරයන් නිසා තම දැල් වටවාර සීමාවෙන් වෙනස් වෙන බැවින් ඒ සදහා සුදුසු වැඩ පිළිවෙලක් සකස්කර දීමට පියවර ගන්නා ලෙසත්, දැනට වසරක කාලයකට ලබාදෙන බලපත්‍රය ස්ථීරවම ලබාදීමට පියවර ගන්නා ලෙසත්ය. තවද දැල් එළිම සදහා බෝට්ටුවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ධීවර සංගම් නියෝජිතයන් ඉල්ලා සිටින ලදි.

මෙහිදි අදහස් දැක්වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මැ දැල් ධීවර කර්මාන්තයේදි දැල් ගොඩට ගැනීම සදහා විශාල පිරිසක් අවශ්‍ය බව තමන් තේරුම් ගන්නා බවත් එසේම එමපිරිස් වල හිගයක් පවතින බව තමාට අවබෝධ වී ඇති අතර විංච් භාවිතා කිරීමට අවසර දියහැකි නමුදු ට්‍රැක්ටර් භාවිතා කර විංච් ඇදීමට අවසර ලබාදිය නොහැකි බවද පැවසීය. තවද ඉදිරියේදි මෙම ප්‍රදේශවල සංචාරය කර පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින් සකස්කර දීමට පියවර ගන්නා අතරම මෙවර විමධ්‍ය ගත මුදල් ධීවර කර්මාන්තයේ දියුණුවට යෙදවීමට පියවර ගන්නා අතරම කඩිනමින් සිදුකළ යුතු සංවර්ධන ව්‍යාපෘති කෙරෙහිද වඩා වැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු උසස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.  

නවතම පුවත්

Youtube