miniඋතුරු පළාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා 2024 අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ, 2024.02.01 වැනි දින වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමිණි. මෙම අවස්ථාව උතුරේ දමිළ ජනතාවට ලැබුණු මහගු අවස්ථාවකි.

මෙවර අයවැයෙන් වෙන්කර ඇති මුදල් යොදා ගනිමින් ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීමට අවශ්‍ය ව්‍යාපෘති සකස් කළ යුතුයි. මාර්ග සංවර්ධනය ආදි යටිතල පහසුකම් සංවර්ධනය කරනවාට වඩා වැඩි අවධානමක් යොමුකළ යුත්තේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බවත්, ඒ සදහා සියලු රාජ්‍ය නිලධාරින් කැපවීමේන් වැඩ කර අත්‍යවශ්‍ය ව්‍යාපෘති කඩිනම්න් ආරම්භ කිරීමට පියවර ගතයුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට වේලනෙයි ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.    

නවතම පුවත්

Youtube