WhatsApp Image 2024 01 29 at 1.19.37 PM 2

දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.

අපනයනය කරනු ලබන ධීවර නිෂ්පාදන වල තත්ත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද තත්ත්ව පාලන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ,  දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඩොලර් ආදායමක් ලැබෙන බවයි.

මෙම නව කාර්යාලය විවෘත කිරීම හරහා අපනයනකරුවන්ට තත්ත්ව පාලන ප්‍රමිති සහතියක ලබා ගැනීමට තිබූ බාධාවන් ඉවත් කිරීම හැකියාව ලැබුණා. ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් පරිදි ධීවර දෙපාර්තමේන්තුව මෙම කාර්යය නිසියාකාරව ඉටු කිරීම පිළිබදව තමන් ඉමහත් සතුටට පත් වන බවද පැවසීය, මෙම කාර්යාලය පැය 24තුලම ක්‍රියාත්මක වන බැවින් අපනයනකරුවන්ට පැය 24පුරා සිය කටයුතු කරගැනීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදි.

මේ සදහා ආනයන අපනයන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී  ලංකා ගුවන් සේවා සමාගමද විශාල සහයෝගයක් ලබා දුන් බවද, එම ආයතන වලට සිය ස්තුතිය පිරිනමන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදි.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටින ලදි.

WhatsApp Image 2024 01 29 at 1.19.37 PM

WhatsApp Image 2024 01 29 at 1.19.37 PM 1

නවතම පුවත්

Youtube