WhatsApp Image 2024 01 26 at 6.49.25 PM 3ධීවරයන් විසින් ජනාධිපතිතුමාන් ඇතුළු රජය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන ගැටළුවක් වන ඉන්ධන ප්‍රශ්ණය, මාළු විදේශ වලින් ආනනයනය කිරීම, සහ ධීවර ආම්පන්නවල මිළ ගණන් ඉහළ යාම යන ගැටළුවලට ජනාධිපතිතුමන් කඩිනමින් විසදුම් ලබා දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බව, ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 26-01-2024 දින, වැල්ලමංකර පැවති ධීවර ජනතාවට වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ ප්‍රථමධාර කට්ටල බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේය.

මෙම වසර තුල ධීවර ජනතාවට කෙරෙන විශාලතම සේවය මෙය වන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා, පසුගිය කාලයේ මහ මුහුදේ ධීවර කර්මාන්තයේ නිරත වු ධීවරයන් මුහුණ දුන් ප්‍රධානතම ගැටළුව වුයේ, ධීවරයන් හදිසියේ රෝගාතුර වු පසු ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේ ද යන්නයි. එලෙස, පසුගිය කාලයේ එලෙස ධීවර යාත්‍රා තුළ රෝගී වු ධීවරයන් අතුරින් බොහෝ පිරිසක් මහ මුහුදේම ධීවර යාත්‍රා තුල මිය යන බවද, ඇතැම් රෝගාතුර වු ධීවරයන් සදහා ප්‍රතිකාර ලබා දීමට රැකියාව සිදුකල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි විදේශ රටවල සහාය ලබා ගැනීමටද සිදු වු බව ප්‍රකාශ කල අමාත්‍යවරයා, එම ධීවරයින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වු අතර, ඒ සදහා අති විශාල මුදලක් වැය කිරීමටද සිදු වු බවත් ප්‍රකාශ කරන ලදි. මෙම කරුණු වලට එකම පිළියම ලෙස මෙම සුභසාධන වැඩපිළිවෙල ආරම්භ කල බව ප්‍රකාශ කල අමාත්‍යවරයා මින් ඉදිරියට ඉතා සාර්ථකව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යාම සදහා ධීවර ප්‍රජාව නියෝජනය කරන ප්‍රදේශ 24ක රෝහල්වල  සහාය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද ප්‍රකාශ කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ධීවර ජනතාව වර්ථමානයේ  මුහුණ දෙන සියලු ගැටළු සදහා විසදුම් ලබා දීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් සැලසුම් සකස් කර  තිබෙන බවද ප්‍රකාශ කලේය. මෙම වැඩපිළිවෙල සකස් කල ධීවර දෙපාර්තමේන්තුවටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවටත් සිය ස්තුතිය පිරිනමන බවත්, මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කල ආයතන වල ප්‍රධානීන්ට ද අමාත්‍යවරයා විසින්  සිය ස්තුති පිරිනමන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් සහභාගී වීමට නියමිතව තිබුණත් එතුමාට ඇති වු හදිසි කටයුත්තක් හේතුවෙන් පැමිණීමට නොහැකි වු බව ප්‍රකාශ කල අමාත්‍යවරයා එතුමාගේ සහයෝගය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබා දීමට පොරොන්දු වු බවද ප්‍රකාශ කලේය. තවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රදේශයේ සිටි ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබදවද සිය ශෝකය ප්‍රකාශ කලේය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ගෝලීය ආර්ථිකය කඩා වැටීමත් සමග ධීවරයන්ට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙන බවද, මෙම සුවිශේෂි වැඩසටහන මේ කාලය තුල ධීවරයන්ට අතිශය වැදගත් වන බවද දිවයින පුරා රෝහල් 24ක් අද දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කරන ලදි. තවද බහුදින ධීවර යාත්‍රා හිමියන්ට මෙය අතිශය වැදගත් බව ප්‍රකාශ කල රාජ්‍ය අමාත්‍යවරයා තමන් මාස ගණනක් මහ මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයන් සදහා ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කිරීමට බලාපොරෝත්තු වන බවද, එය ධීවරයින්ට වඩාත් ප්‍රයෝජනවත් වන බවද ප්‍රකාශ කරන ලදි.

මෙහි දී ප්‍රථමාධාර පුහුණුව අවසන් කල ධීවරයින් හට ප්‍රථමධාර පුහුණු සහතිකද වෛද්‍ය පරීක්ෂණ අවසන් කල ධීවරයින්ට වෛද්‍ය සහතික ලබා දීමද ධීවර අමාත්‍යතුමන්ගේ හා රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂික චම්පිකා මහත්මියොත්‍රා තුල මිය ‍ෙමගැටළුවකටළුවක්, නාවික හමුදාවේ වෛද්‍ය බලකායේ වෛද්‍ය දිනේෂ් ආරියදේව මහතා, සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ සත්‍යනාදන් මහතා, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී අර්වින් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

WhatsApp Image 2024 01 26 at 6.55.02 PM

WhatsApp Image 2024 01 26 at 6.49.25 PM 2

WhatsApp Image 2024 01 26 at 6.49.25 PM 1

WhatsApp Image 2024 01 26 at 6.49.25 PM

නවතම පුවත්

Youtube